-
ස්වාධීන සංවිධානයක තනතුරක් සඳහා වෘත්තීය සංගම් නියෝජිතයෙක් පත් කිරීමට එරෙහිව වෛද්‍ය විරෝධයක් මතු වෙලා…
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වී ඇති උප සභාපති තනතුර සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපතිවරයාව පත්කර මෙන් ඔහු වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිම හේතුවෙන් වෛද්‍යවරුන් අතර දැඩි මතභේදයක් ගොඩ නැගී ඇතැයි වාර්තාවේ.
වෘත්තිය සමිතියක උප සභාපති තනතුරක් දරණ වෛද්‍යවරයෙකුට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව වැනි ස්වාධීන ආයතනයක තනතුරක් හිමිකර දීම ගැටලු ගණනාවක් ඇතිකිරීමට හේතුවක් වන බව ඔවුහු පෙන්වාදෙති.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාසික රැස්විමට හෙට (31) දිනට යෙදීඇති නමුත් එදින න්යායපත්රයට උප සභාපතිවරයා තෝරා ගැනීමේ යෝජනාවන් ඉදිරිපත් කර නොතිබිම තුළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා හිතා මතා එය බැහැර කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපතිවරයා වෛද්‍ය සභාවේ උප සභාපති තනතුරු පිරිනැමීමට යන්න එහි සාමාජිකයෝ සැක පන කරති.
මොරටුව වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා වෛද්‍ය සභාවේ උප සභාපති ධූරය දැරූ අතර ඔහු පීඨාධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ වෛද්‍ය සභාවේ උප සභාපති තනතුරද අහිමි වීමෙන් එම තනතුර හිස්විය.







