නතාෂා නෙත්මිණි –
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගෙන් සියයට 90ක් දෙනා මියගොස් ඇත්තේ බස්නාහිර පළාත තුළ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
මෙසේ මරණවලට හේතුව කුමක්ද යන්න පීළිබඳව සමාලෝචනය කිරීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව මෙතෙක් එළිදක්වා නැතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි
මෙම කමිටු වාර්තාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනවෙත බාරදුන් බවට සඳහන් වුවද එම වාර්තාව මේ වන තෙක් එළිදක්වා නැති බැවින් වහාම එය එළිදක්වා පුද්ගලයන් මියයෑමට හේතුව කුමක්ද යන්න පිලිබඳව ජනතාව දැනුවත් කරන මෙන් සංගමය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි







