දිනසේන රතුගමගේ –
මුලතිව් මුහුදේ පාවෙමින් තිබූ බෑගයක තිබී විදේශ රටක නිෂ්පාදනය කරන ලද අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මුහුදේ පාවෙමින් තිබූ මෙම පාර්සලය ධීවරයින් විසින් දැක ඇත්තේ ඊයේ (23) ය. ඒ පිළිබදව පොලීසියට කළ දැණුම් දීමක් මත පොලීසිය පැමිණ බෑගය ගොඩට ගෙන පරීක්ෂා කිරීමේදී එම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී තිබේ.
එම පුපුරණ ද්‍රව්‍ය ටින් වල අසුරා තිබූ අතර කෝඩෙක්ස් නැමැති පුපුරණ ද්‍රව්‍ය විශේෂය බව ද ටින් වල කරණ ලද සලකුණු වලට අනුව නිරීක් ෂණයණය වී තිබේ.
පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම පිණිස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් පැමිණ ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට මුලතිව් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කොට තිබේ.







