අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගහන මඩ තඹයකට මායිම් කරන්නේ නෑ… පාර්ලිමේන්තුවෙදි කළ කතාව බලාපොරොත්තු වුන සමාජ සංවාදය හදලා… දැන් වගාවට සිදුවන වන සත්ත්ව හානිය ගැන කඩිනම් ඇත්ත උත්තරය හොයමු… කෘෂිකර්ම ඇමති ලාල් කියයි!

by editor
දෙසැම්බර් 8, 2024
in පුවත්
lAL-kANTHA
Share on FacebookShare on Twitter

වන සත්ත්ව හානි සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙස ගොවීන් හිටපු ආණඩු ගණනාවකට ඉල්ලීම් ඉදිරිපත් කළත් ඒ කිසිවකින් ඔවුන් ට විසඳුමක් ලබා නොදුන් බවත් කතා සාප්පු නතර කර ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබාදීම තම මූලික අරමුණ බවත් කෘෂිකර්ම,පශු සම්පත්, වාර්මාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පවසයි.

පාර්ලිමේන්තුවේ කළ කතාවත් සමඟ දැන් ප්‍රශ්නය සම්බන්ධව සමාජය තුළ බරපතළ කතා බහක් නිර්මාණය වී තිබෙන බවත් තමන් ට අවශ්‍යය සංවාදය එලෙස ගොඩ නැගීම පිළිබඳව සතුටු වන බවත් ඔහු කීය.

කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.

“වන සතුන් ගෙන් වගාවට සිදුවන හානි අවම කිරීම සඳහා ප්‍රශ්නයෙන් පීඩා විඳින ගොවි ජනතාව ද කොටස් කරුවන් කර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත වෙනම කාර්යාංශයක් මගින් විශේෂ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි ජනතාව, විද්වතුන් මෙන්ම පරිසර සංවිධාන ද ඒකාබද්ධ කර ගන්නවා. ප්‍රශ්නයෙන් පීඩා විඳින ගොවි ජනතාව පැත්තකින් තියලා ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීමට යාම ප්‍රායෝගික නැහැ. ඒ නිසා ගොවීන් මෙහි ප්‍රබල කොටස්කරුවෙකු කරගත යුතුයි. ”

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

“දශක දෙක තුනක පටන් මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. ගොඩක් අය ඉදිරපත් කරන්නේ දීර්ඝ කාලීන විසඳුම්. කතා සාප්පු වලට පමණක් සීමා වූ සාකච්ඡා නිසා ගැටලුව එන්න එන්නම උග්‍ර තත්ත්වයට පත්ව තිබෙනවා. වගා හානියට අමතරව ඒ හා ගැට ගැසුණු තවත් ප්‍රශ්න රැසක්ද තිබෙනවා. ගොවීන් වගාව අත්හරින තැනට මේ වනවිට ප්‍රශ්නය බරපතළ වී තිබෙනවා. අනිත් පැත්තෙන් රැකියා අවස්ථා පවා ඇතැම් අයට අහිමි වී තිබෙනවා. දිගු කාලීන උත්තර වලට වඩා ගොවීන්ට දැන් අවශ්‍යය වී තිබෙන්නේ කෙටි කාලීන විසඳුමක්. කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවියාට වග කියනවා නම් අපි මේකට මැදිහත් වෙන්න ඕන. මේ සම්බන්ධයෙන් මත දක්වමින් සිටින පරිසරවේදීන් ඇතුළු සියලු පාර්ශවයන්හි කාර්යය අපි අගය කරනවා. මේ ප්‍රශ්නය දිහා තුලනාත්මක බලන අය වගේම අන්තවාදීව බලන පරිසකුත් ඉන්නවා. මේ හැමෝම දායක කර ගනිමින් විසඳුමක් කරා යායුතුයි කියන එක තමයි මගේ හැඟීම.”

“ප්‍රශ්නයේ තරම දන්නේ ඉන් පීඩා විඳින අය යි. ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට යාමේ දී යම් යම් සංවේදී කාරනා ඉස්මතු වෙනවා. පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන මඩ ප්‍රහාර මම ගණන් ගන්නේ නැහැැ. මේ වැඩේ කරන්න ඕන කියන අධිෂ්ඨානය ඇතිව අපි වැඩ කරනවා. විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේ දී ගොවි ජනතාව එහි ප්‍රබල කොටස්කරුවන් විය යුතුයි. ප්‍රශ්නයට විසඳුම් අවශ්‍යය අය පැත්තකින් තියලා හදන වැඩසටහන් ප්‍රායෝගික නැහැ. මේ ගැටලුවට විසඳුමක් ලැබේ යැයි කියන විශ්වාසය තාමත් ගොවී ජනතාවට නැහැ. මීට පෙර තිබුණේ කතා විතරයි කියන හැඟීම ඔවුන් තුළින් පහව ගොස් නැහැ. ”

“ඒ නිසා කතාවෙන් එහා ගිය ඔවුන් ද දායක කරගත් ව්‍යාපෘතියක් මේ සඳහා අවශ්‍යය යි. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍යය සංවාදය දැන් සමාජයේ ගොඩ නැගී තිබෙනවා. මට අවශ්‍යය වුණේ එතන්ට පාර කපන්නයි. ඒ සංවාදයට එක් වූ සියලු දෙනාට මම ස්තූතිවන්ත වෙනවා. මොක ද කතා සාප්පු වලින් බැහැරව අපි දැන් වන සත්ත්ව හානි අවම කර ගැනීම සඳහා වන නිශ්චිත ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය වියදම් ගැන කියන්නේ බොරු… වැඩසටහන්වල වගකීම් දරන නිලධාරීන්ට එරෙහිව විගණන පරික්ෂණයක් පවත්වන්න…. සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තිය සංගමය රජයෙන් ඉල්ලයි…

Next Post

මහ මෝල්ලුන්ට ලාබයක් දුන්නට පස්සේ ජනතාවට අන්නන්න එපා… සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ රජයෙන් ඉල්ලති!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.