බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැරිය මරා වැසිකිළි වළක සැඟවූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුන සුළු පියාගේ අපරාධය හෙළි කරගත් හැටි…

by editor
දෙසැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු වන සුළු පියා විසින් මුදල් ලබා ගැනීම පිණිස සිය දෙවැනි විවාහයේ බිරියගේ  14 හැවිරිදි දියණියට පහරදීමේදී ඇය මියගිය පසුව  වැසිකිළි වලකට දමා කළ සැඟවූ  අපරාධයක් හෙළි කරගැනීමට ගම්පහ මූලස්ථාන පොලිසිය සමත් වී තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ හිමාෂා සඳරුවනි නමැති 14 හැවිරිදි දැරියක බව පොලීසිය පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පසුගිය බ්‍රහස්පතින්දා (05)  තම වයස අවුරුදු 14ක් වූ දියණිය අතුරුදහන්ව ඇති බවට මවක් විසින්  ගම්පහ පොලිස්   පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේය.   එම පැමිණිල්ලට අනුව විමර්ශන මෙහෙයවූ පොලිසියට වාර්තා වන්නේ  පැමිණිලිකාර මව තම දෙවන විවාහයේ ස්වාමිපුරුෂයා සහ දියණිය සමග මාකෙවිට ප්‍රදේශයේ ඉදිකරමින් පවතින වෙනත් අයෙකුට අයත් තෙමහල් නිවසක තාවකාලිකව පදිංචිව සිට ඇති බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දෙවන විවාහයේ පුද්ගලයා පෙදරේරුවෙකු වශයෙන්ද, පැමිණිලිකාරිය ඒකල ප්‍රදේශයේ පුද්ගලික ඇඟලුම් කම්හලක  ද  රැකියාවක් සිදු කරමින් සිට ඇත.

2024.12.02 වන දින තම සැමියා සහ දියණිය නිවසේ සිටියදී කාන්තාව උදෑසන රැකියාවකට ගොස් රාත්‍රීයේ නැවත නිවසට පැමිණ දියණිය නිවසේ නොසිටිම පිළිබඳ   සැමියාගෙන් විමසීම් සිදු කර ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ  දියණිය යහලුවෙකුගේ පවුලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවක් ගොස් ඇති බවටත් එදින නොපැමිණෙන බව හා පසුදින පැමිණෙන බවත්ය.

දියණිය 2024.12.05 වන දින දක්වාම නිවසට නොපැමිණිම හේතුවෙන් දෙදෙනා අරවුල් ඇති කරගෙන ඇති අතර, පසුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එහිදී තම සැමියා, දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැක බව ද  කාන්තාව විසින් ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධව විමර්ශනය සිදුකළ පොලිස් නිලධාරීන් විසින් වයස අවුරුදු 42ක් වන පැමිණිලිකාරියගේ පුරුෂයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලදී. මිනීමැරුම හෙළි වන්නේ එහිදී ය.

2024.12.02 වන දින බිරිඳ විසින් ඇයට අයත් තම සැමියා විසින් උකසට තබන ලද රන් මාලයක් නිදහස් කර ගැනීම සඳහා  දියණියට මුදල් ලබා දී තම පියා සමග ගොස් එම රන් මාලය නිදහස් කර ගන්නා ලෙසට ප්‍රකාශ කර බිරිඳ  රැකියා ස්ථානයට ගොස් ඇත.

මොහු තදින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකි. බිරිය නිවසින් ගිය පසු  දියණියට රන් භාණ්ඩ බේරා ගැනීමට දුන් මුදල  ඔහු  දියණියගෙන් ඉල්ලා තිබේ. එම මුදල් ලබා දීම  දියණිය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්  මෙම පුද්ගලයා  දියණියට පහරදී මුදල් පැහැරගෙන නිවසින් පිටව ගොස් ඇත.

පසුව නිවසට පැමිණි ඔහු දියණිය පහරකෑ ස්ථානයේම වැටී සිටි නිසා ඇය පරික්ෂා කිරීමේදී මියගොස් සිටි බැවින් දැරියගේ මෘත ශරීරය ඉටි කවරයක බහා ඉදිකරමින් පවතින නිවසේ වැසිකිලි වලකට දමා වසා දැමීමට කටයුතු කර තිබේ.

අනාවරණය කර ගත් තොරතුරු මත ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි වැසිකිලි වලේ වලදමා තිබූ දියණියගේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 2024.12.06 වන දින ගම්පහ  මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.12.16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.  සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් ඉතිහාසය වෙනස් කළ යකඩ ගැහැනු…

Next Post

විදෙස් තරගාවලි 3ක් සඳහා තෝරාගෙන තරගාවලි තුනේම බංකුවේ තැබූ  යොවුන් ක්‍රීඩකයෙක් ගැන අවාසනාවන්ත කතාවක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.