සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන ආරක්ෂක ඇමතිවරයාගේ විශේෂ ප්‍රකාශය… නිදහස අරන් අපට මඩ ගහන්න… ජාතිවාදය අවුලන්න ආවොත් ප්‍රතිඵල සැරයි… ඇමති කියයි!

by editor
දෙසැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • කොටි බොරු කී පත්තරේට නඩු… රටේවත් නැති වීඩියෝ දාගෙන මහවිරු සැමරුම් ප්‍රකාශයට පත් කර අත් අඩංගුවට පත්වුන 4න් 2ක් සිලින්ඩරේ… එක් අයෙක් මහ මැතිවණයට තරග කළ කෙනෙක්… මහජන ආරක්ෂක ඇමති ජාතිවාදී බොරු කාරයින්ට වෙන දේ පැහැදිලි කරයි…

පසුගිය වසරවල විදෙස් රටවල පැවති යම් යම් සිද්ධි අන්තර්ජාලයෙන් බාගත කරගෙන කොටි නැගිටීම් සම්බන්ධව ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කළේ පරාජිත බංකොලොත් දේශපාලන කණ්ඩායමක් බවත් දැනට ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් 04 දෙනාගෙන් දෙදෙනෙක් සිලින්ඩරය ලකුණේ දේශපාලන ක්‍රියාකාරිකයින් බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවසුවේය.

බොරලැස්ගමුවේ දී අත් අඩංගුවට ගත් පුද්ගලයා සිලින්ඩරය ලකුණින් නාම යෝජනා ලැබ මහ මැතිවරණයට තරග කළ පුද්ගලයෙක් බව ද ඔහු හෙළිදරවු කළේය.

තමන්ගේ දරුවා, මිය ගිය ඥාතියා සැමරීම සඳහා රටේ ඕනෑම පුරවැසියෙකුට ඇති අයිතියට ගරුකරමින් උතුරේ මිය ගිය පුද්ගලයින් සැමරීම සඳහා අවසර ලබා දුන්නත් ඒ හරහා එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කරන සංකේත, ඡායාරූප යොදා ගැනීම සම්බන්ධව රජය රටේ නීතිය ක්‍රියාත්මක කළ බව කී මහජන ආරක්ෂක ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ මේ පුද්ගලයින් උතුරේ පැවතියේ යැයි පල කළ වීඩියෝ දර්ශන උතුරු නැගෙනහිර පලාතේ නොව, රටේවත් සිදුනොවුන ඒවා බවය.

ඒ සමගම තමන් ගල්ගමු ප්‍රදේශයේ ඇහැටුවැව දී  කළ ප්‍රකාශයක් චේතනාන්විතව සාවද්‍ය ලෙස ප්‍රකාශයට පත් කර තිබූ ජාතික පුවත්පතට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව කී ඇමතිවරයා ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද කීවේය.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

මහජන ආරක්ෂක ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“නොවැම්බර් මහ විරු සැමරුම් උත්සව 244ක් පැවැත්වුවා. ඒ අතරින් 10ක පමණක් එල්ටීටීඊ සංකේත ප්‍රදර්ශන කරලා තිබුණා යම් යම් සංකේත. පොලිසි කටයුතු කළා මේ සම්බන්ධව. කිළිනොච්චි උසාවියට සිද්ධි දෙකක් ගැන කරුණු වාර්තා කරලා තියනවා. පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධීන් 04ක් වාර්තා කරලා තියනවා. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සිද්ධියක් වාර්තා කරලා තියනවා.
චුන්නාකම් ප්‍රදේශයේ පුද්ගලයෙක් එල්ටීටීඊ ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් චුන්නාකම් අධිකරණයට ඉදිරිපත් කර අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියනවා.

උතුරේ පැවැත්වෙන සැමරුම් උත්සව පාදක කරගෙන දකුණේ සමාජ මාධ්‍යවල පහුගිය සති කීපය පුරාම අසත්‍ය විකෘති ප්‍රකාශයන් ද්වේශ සහගතව චේතනාන්විතව නිර්මාණය කරන ලද ප්‍රකාශයන් විශාල ප්‍රමාණයක් සංසරණය වුනා.

ඒවයේ බොහෝ විට දක්නට ලැබුණේ උතුරේ පැවැත්වූ බවට ඒත්තු ගන්නවන ආකාරයෙන් පසුගිය වසරවල සිද්ධි… සමහර ඡායාරූප තිබුනේ 2018 සහ 2022 වර්ෂවල විදෙස් රටවල පැවත්වපු එල්ටීටීඊ සැමරුම් ඡායාරූප. ඒ ඡායා රූප සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරියා. ඒවා 2024 පැවැත්වූ ලෙස සැමරුම් ලෙස ඒ්ත්තු ගන්වන්න සලස්සලා තිබුණා. ඒ සියලු ඡායාරූප මා ලඟ තියනවා. ඒවා අන්තර්ජාලයෙන් බාගත කරලා තියෙන්නේ… සමහර ඒවා විදේශවල පැවැත්වූ සැමරුම්. මේ කිසිවක් මේ වසරේ යාපනයේ උතුරු ප්‍රදේශයේ හෝ නැගෙනහිර ප්‍රදේශයේ පැවැත්වපු සැමරුම් උත්සව නොවේ.

සිලින්ඩරේ බංකොලොත් උත්සාහය

සංවිධානාත්මකව චේතනාන්විතව උතුරේ පැවැත්වුයේ යැයි ඒත්තු ගන්වමින් ජාතීන් අතර අසමගිය නිර්මාණය වන ආකාරයට මේ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරලා තියනවා. මේ කිසිවක් උතුරේ පවත්වපු බවට සාධක නෑ. මේ සියල්ල ඡායාරූප සහ වීඩියෝ දර්ශනවලින් පැහැදිලි වෙනවා වෙනත් රටක වෙනත් වර්ෂවල පැවැත්වූ උත්සව බව.

නමුත් සමාජයට ඔවුන් ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා මේ අනුර දිසානායක බලයට පත් වුනාට පස්සේ උතුරේ පැවැත්වෙන එල්ටීටීඊ සැමරුම් කියලා. ඒක සමාජගත කරන්න සමාජ මාධ්‍ය ජලාවල ඇතැම් පිරිසක් කටයුතු කරමින් ඉන්නවා.

ඒ පිළිබඳව අපි අවධායන යොමු කරලා කටයුතු කළා. ඒ පිළිබඳව අප නිරීක්ෂණය කළා. නිරීක්ෂණය කළාට පස්සේ අපට දැනගන්න ලැබුණා දේශපාලන වශයෙන් බංකොලොත් වූ යම් කිසි සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ ක්‍රියාන්විතය දියත් කරලා තියනවා කියලා. මේ සාවද්‍ය ප්‍රචාරයන්ට විරුද්ධව පියවර ගන්න පොලිසිය කටයුතු කරලා තියනවා. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් කීපදෙනෙක් අත් අඩංගුවට අරන් තියනවා. උතුරේ එක් පුද්ගලයෙක්. බද්දේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඉහත කී චෝදනා යටතේ 29 දා අත් අඩංගුවට අරන් බද්දේගම මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කළා. දෙසැම්බර් 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඊයේ දිනයේ නැවතත් ඔහු 14 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

ඊට අමතරව මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, ඉහත කී චෝදනාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්තා. ඔහුගේ ෆේස් බුක් ගිනුම හරහා විදේශ රටවලින් ලබා ගත් ඡායාරූප යොදාගෙන යාපනයේ පැවැත්වූ බවට ඒත්තු ගන්වමින් ජනයා නොමග යවන ආකාරයට, ජාතිවාදය ඇවිස්සෙන ආකාරයට පලකිරීම් කරලා තියනවා. ඒ සම්බන්ධව මරදාන පොලිසිය ඔහුව නොවැම්බර් 30 අත්අඩංගුවට ගත්තා. 02 දා දක්වා බන්ධනාගාරගත කළා. මේ වනවිට ඔහු ඇප මත නිදහස් වෙලා තියනවා.

තවත් පුද්ගලයෙක් බොරලැස්ගමුව ප්‍රදේශයේ එම චෝදනාව යටතේම පුද්ගලයෙක් අත් අඩංගුවට ගත්තා. 24/12/1 අත්අඩංගුවට ගත්තා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිප්ත කරලා අද (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියනවා. මේ පුද්ගලයා සිලින්ඩරය ලකුණින් ඡන්දය ඉල්ලපු පුද්ගලයෙක්. දේශපාලන ක්‍රියාකාරිකයෙක්. ඔවුන් සංවිධානාත්මකව චේතනාන්විතව ජාතිවාදය ඇවස්සීමටත්, රජය අපහසුතාවට පත් කිරීමටත් කටයුතු කරලා තියනවා. උතුර දකුණ ගැටුමක් ඇති කිරීමේ ව්‍යසනයේ කොටස්කරුවන් ලෙස අපට ඔවුන් හඳුනා ගන්න පුලුවන් මේ දේශපාලන වෛරී ප්‍රකාශයන් නිර්මාණය කිරීම හරහා.

පොලිසියට ස්වාධීනව වැඩ කරන්න නිදහස දීලා තියනවා…

මේ ආකාරයට මේ පිරිස් අත් අඩංගුවට ගත්තේ පොලිසිය විසින්. පොලිසියට නිදහසේ ස්වාධීනව වැඩ කරන්න බලය දීලා තියනවා. ඔවුන් ස්වාධීනව වැඩ කරගෙන යනවා. අත් අංගුවට ගත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීම විමර්ශන නිලධාරීන්ට ඉඩ දීලා තියනවා. ඔවුන්ට එම වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය වටපිටාව අපි හදලා දීලා තියනවා.

අත් අඩංගුවට ගත් පුද්ගලයෙන් දෙදෙනෙක් සිිලින්ඩරයේ ක්‍රියාකාරිකයන්. අප විමර්ශනයක් කරලා තියනවා සමාජ මාධ්‍ය හරහා මේවා බෙදා හැරියේ කවුද කියලා. බොහෝ දේශපාලන ලබැඳියාවන් සහිත කණ්ඩායම් මේ පසුපස ඉන්නවා කියලා අපි හඳුනාගෙන තියනවා.

මේ අත් අඩංගුවට ගැනීම් මාධ්‍ය නිදහස, භාෂණයේ නිදහස ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය කිරීම් හැටියට හොවා දක්වන්න සමහ අය උත්සාහ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අප ව්‍යාපාරයක් ලෙස දැඩිව කැප පෙනවා. නමුත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ සීමාවන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පෙන්වා දී තියනවා. ජාතිවාදය සහ ආගම් වාදය ඇතිකරීමට එකී නිදහස භාවිතා කිරීමට ඉඩකඩ නෑ .

භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය අරන් අපට මඩ ගහන්න… කමක් නෑ… හැබැයි ජාතිවාදයට නම් ඉඩක් නෑ….

ඔබ දන්නවා රටක් හැටියට පහුගිය කාලය පුරාම ජාතිවාදය නිසා ඇති කරලා තිබුණ ප්‍රශ්නයෙන් තරුණයො දස දහස් ගණනක් ජීවිත නැති වුනා. පාලකයො බලය ලබා ගන්න වගේම බලය පවත්වා ගන්නත් ජාතිවාදය උපයෝගී කර ගත්තා. ඔබ දන්නවා 2015 වඳ කොත්තු වඳ ඇඳුම් වඳ දොස්තරලා ප්‍රචාරය කරලා එක්තරා දේශපාලන කණ්ඩායමක් කුමන්ත්‍රණයක් කළා. ඒක පාස්කු ප්‍රහාරය හැටියට අවසානයේ දී කෙළවරවුන ආකාරය මේ වනවිට හඳුනාගෙන තියනවා. එම දේශපාලන ව්‍යාපාරවට ඒ හරහා යම් යම් ජයග්‍රහණ ලැබෙන්න ඇති. නමුත් මේ රටේ ජනයාට, කිසිදු පුරවැසියෙකුට මින් ජයග්‍රහණ අත්පත් වුනේ නෑ. අතිශය පරාජිත පිරිසක් වුනා. මේ සියලු ජාතිවාදී උත්සාහයන් හරහා මේ රට ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක් සේසත් කිරීමට ඇති අවස්ථාවට බරපතල තර්ජනයක් ලෙස මේ කටයුතු හඳුනා ගන්නේ.

මේ වනවිට ජනාධිපති අනුර දිසානායක මහතා සම්බන්ධවත්, මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙස මා සම්බන්ධවත් ඇති තරම් සමාජ මාධ්‍ය ජලාවල වීඩියෝ අසත්‍ය ප්‍රකාශ සංසරණය වෙනවා. අපි මේ කිසි දෙයක් ගැන සැලෙන්නේ නෑ. ඒ කිසිවක් සැලකිල්ලට ගන්නෙ නෑ.

එහෙත් අපි කිසි ලෙසකත් මේ රටේ ජාතිවාදය ඇවිස්සීම සඳහා කිසිම කටයුත්තකට කිසිම ඉඩකඩක් ලබා දෙන්නේ නෑ. අනාගතයේ දී ජාතිවාදය අවුස්සලා මේ රට ගිනි තියන්න හෝ ජාතිවාදය අවුස්සලා මේ රටේ උතුර දකුණ අතර නැවත නොසන්සුන්තාවයක් ඇති කරන්න කිසිම අවස්ථාවක සුළු හෝ ඉඩකඩක් අපි තියන්නේ නෑ.

ඒ සඳහා මේ රටේ තියන නීති ප්‍රමාණවත් නොවේ නම් ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ප්‍රකාශ කළා සේම අලුත් නීති හරි ගෙනැවිත් මේ රටේ ජාතිවාදය මැඩ පවත්වලා සමගියෙන් සාමයෙන් ජීවත්වන රටක් බවට මේක පත් කරන්නත් ජාතිවාදයට කිසි ලෙසකින් හෝ ඉඩ නොතැබීමට කටයුතු කරන්නත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලෙස මේ ගරු සභාවයට ප්‍රතිඥා දෙනවා….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසියේ ලොකු පුටු හෙල්ලුන හැටි…

Next Post

අලුත් ත්‍රස්ත පනතක් හදා ගන්න තුරු රටේ නීතිය වෙචිච් පරණ ත්‍රස්ත පනත පාවිච්චි කරන්න වෙනවා… අධිකරණ ඇමති කියයි!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.