වාහන ආනයන සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තියට යටත්ව වාහන ආනයනයට පෙබරවාරියේ දී නිසැකවම සිදුවන බව වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පවසයි.
අද කොළඹ දී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු ප්‍රකාශ කළේ රජය ප්‍රතිපත්තියක් ලෙස වාහන ආනයනයට ඉඩ දෙන බව දන්වා ඇති බවත්, නුදුරෙදීම වාහන ආනයනය පිළබඳ නිශ්ඡිත සාකච්ඡා ජනාධිපතිවරයා සමග පවත්වන බවය.
එහිදි ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මෙසේ ද පැවසුවේය.
“පෙබරවාරි සිට අනිවාර්ය වශයෙන් අපිට වාහන ආනයනය කරන්න පුළුවන් වෙනවා. මොකද මේ රජය ප්‍රතිපත්තියක් ලෙස වාහන ආනයනය කරන්න දෙනවා කියලා අපිට වචනයක් දීලා තියෙනවා. අපි ලෑස්තියි වාහන ගෙන්වන්න. ඒ වගේම හොඳ වාහනයක් ජනතාවට සාධාරණ මුදලකට දෙන්න මේ මගින් ලැබෙනවා. ”
” වාහන ආනයනය ප්‍රකෘති කිරීමට කරුණු කිහිපයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත්කළා වාහන ආනයනයට ප්‍රතිපත්තියක් සක ස් කිරීමට. ජාතික ප්‍රතිපත්තියක් ඇතිකිරීම වාහනවලින් පටන් ගත්තා. ඒක හොඳ දෙයක්. පෙබරවාරිවල සිට වාහන ගෙන්වනවා නම් මහ බැංකුවෙන් ඒ මුදල් වෙන්කරලා දෙන්න කැමැති වෙලා තියෙනවා. ”
“ඒ වගේම IMF එකත් වාහන ගෙන්වීම සඳහා අනුමැතියක් ලබාදීලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉන්න වාහන ආනයනකරුවන් 600ක් පමණ අවුරුදු 04ක් තිස්සේ අසරණවෙලා. මේ ඉන්න වෙළෙන්ඳන්ටත් සාධාරණයක් වියයුතුයි.”







