සූරියවැව නුවන් ජයසේකර –
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීතියට එරෙහි සමාජ විරෝධී කටයුතු සම්බන්ධව පොලිසියට තොරතුරු ලබා දෙන බවට අපරාධකරුවන් විසින් සැක කළ පුද්ගලයෙක් සහ සමාජ විරෝධී අපරාධකරුවන් කණ්ඩායමක් අතර ඇතිවු ආරවුලක් සමථයකට පත් කිරීමට ගිය අයෙක් ඊයේ (30) කඩුවකින් කපා ඝාතනය කර ඇත.
සමාජ විරෝධී අපරාධ හා සම්බන්ධ ජාලයක සාමාජිකයන් බව සැක කරන පුද්ගලයන් කණ්ඩායම විසින් මෙම ඝාතනය සිදු කර ඇත්තේ සෙලල්කතරගම කොහොඹදිගාන ප්‍රදේශයේදී බව කතරගම පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොහොඹදිගාන පාර, සෙල්ලකතරගම. ලිපිනයේ පදිංචි කංකානම්ගේ ප්‍රසන්න කුමාර නැමති 39 හැවිරිදි පුද්ගලයෙකි.
ප්‍රදේශයේ සිදුවන අපරාධ හා විවිධ අපචාර සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම පිළිබඳ සැක කළ පුද්ගලයෙක් සොයාගෙන ආයුධ සන්නද්ධ පස් දෙනෙකුගෙන් යුත් මෙම අපරාධකාර කණ්ඩායම ත්‍රී රෝද රථයකින් කොහොඹදිගානට පැමිණ තිබේ.
එම ආරවුල ඇති වන ස්ථානයේ සිට ඇති මරණකරු ආරවුලට මැදිව එය සමථ කිරීමට ගොස් තිබේ. එහිදී ආරවුල් සදහා ත්‍රි රෝද රථයකින් එම ස්ථානයට පැමිණ සිට ඇති පුදගලයන් 05 දෙනෙකු ආරවුල සමථකිරිමට ගිය පුද්ගලයාව කඩුවකින් කපා ඝාතනය කර පළාගොස් තිබේ.
මෙම ඝාතනය සදහා පැමිණි ඇති පුද්ගලයන් කතරගම හා අවට ප්‍රදේශවල නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන පුද්ගලයන් බවට පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී ඇත. සිද්ධිය පිළිබදව කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







