අම්පාර කාර්තිව් ඛේදවාචකයෙන් අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර ද අද සවස සොයාගෙන තිබේ.
මද්රසා පාසලක සිසුන් ඇතුළු පිරිසක් පටවාගෙන ආරක්ෂක අංශවල උපදෙස් නොතකා ගංවතුරේ මාවඩි පාලම හරහා ධාවනය කිරීමට උත්සාහ කළ ට්රැක්ටරය තද සැඩ පහරට හසුව පෙරළී ගියේ පසුගිය 26 වැනිදාය. එදින පස්වරුවේ නින්දවුර් ප්‍රදේශයේ සිට සමන්තුරෙයි ප්‍රදේශයට ට්රැක්ටරය ධාවනය වෙමින් තිබිණි.
අනතුරින් පාසල් සිසුන් 14 දෙනෙකු දියේ ගිලුන අතර ඉන් සිසුන් 08 දෙනෙකු මුදා ගැනීමට අවට සිටි පිරිසට හැකි විය. ඉතිරි හය දෙනා ගංවතුරේ අතුරුදහන් වුනේය.
මුල් දින දෙක ඇතුළත ඛේදවාචකයෙන් මිය ගිය දරුවන් 05 දෙනෙක් සහ වැඩිහිටියන් 02කු ගේ සිරුරු සොයාගැනීමට හැකි වුවද මෙම සිසුවාගේ සිරුර අතුරුදහන්ව තිබිණි.
පුරා දින 04ක් නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව අද (30) උදෑසන එම සිසුවාගේ මළ සිරුර සොයා ගැනුණි.
ඒ අනුව අදාල සිද්ධියෙන් මියගිය පාසල් සිසුන් ඇතුළු 08 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ. මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 17 තෙක් ඉහළට ගොස් ඇත.







