-
රථයේ වටිනාකම කෝටි 4ක් පනී… හංගලා තියෙන්නේ නිවැසියන් නැති නිවසක ගරාජ් එකක… අංක තහඩුව හිමි නීත්‍යානුකූල වාහනය නුවර පිලවල කාන්තාවකට අයිති එකක්…
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිත කරන ලැදැයි කියන ව්‍යාජ අංක තහඩු යෙදූ රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් තවත් ජිප් රථයක් ඊයේ (31) පස්වරුවේ තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මිට්සුබිෂි වර්ගයේ මෙම ජිප් පොලිසිය විසින් සොයා ගනු ලබන්නේ දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ තිබිය දී ය. මෙම වාහනයේ සවිකර තිබූ අංක තහඩුව සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එය මහනුවර පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් රතු පැහැති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකට අයත් අංක තහඩුවක් බවය. පොලිසිය අනාවරණය කරගන්නේ එම ජිප් රථයේ අංකය භාවිත කරමින් මෙම ජීප් රථය ධාවනය කර තිබෙන බවය.
මීට දින 06කට පෙර ලොහාන් රත්වත්තේ මහතා ගේ බිරිඳට අයත් මිරිහාන පොලිස් වසමේ ඇඹුල්දෙණිය ශාලාව පාරේ පිහිටි තෙමහල් නිවසක ගරාජයේ තිබී පසුගිය 26 දින ටොයොටා ලෙක්සස් වර්ගයේ වාහනයක් පොලිස් අත් අඩංගුවට පත් විය. රස පරීක්ෂක වාර්තාවට අනුව එම වාහනයේ චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස කොටා නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් බව හෙළි විය. එම වාහනය රේගුවේ හෝ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොතිබිණි. කෙසේ වෙතත් මෙම හොර වාහනය ද ව්‍යාජ අංක තහඩු යොදාගෙන ලොහාන් රත්වත්ත විසින් පාවිච්චි කළ බව විමර්ශනවලදී හෙළි වූයේය.

හොර ටොයොට ලෙක්සස් රථයේ සිද්ධියට අදාළව ඔහු මේ වනවිට ලොහාන් රත්වත්ත නොවැම්බර් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. දිගන ප්‍රදේශයෙන් සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත ජිප් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.







