බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිතිය අවලමේ යැවූ සමාජයක බිහිසුණු කතාව හෙළිකරන දේශපාලන කුපාඩින්ගේ අවජාතක වාහන!

by editor
ඔක්තෝබර් 31, 2024 - Updated on නොවැම්බර් 1, 2024
in පුවත්
Lohan-Rathwatta
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

ලොහාන් රත්වත්ත 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සිය කුප්ප කුපාඩි වැඩේ සිය නිවසේ දී වෙඩි තබාගෙන සිය දිවි නසා ගත් බව කී තමන්ගේ පුද්ගලික ලේකම්වරයාගේ ඇඟේ ගසා බේරෙන්නට හැදූ නමුත් අතේ මාට්ටු වී කට උත්තරත් නැති තැනට ඇද වැටුන පසුය.

අද (31) පෙරවරුවේ දී මිරිහාන පොලිසිය විසින් ලොහාන්ව කටුගස්තොට දී අත් අඩංගුවට ගත්තේය. ඒ ඔහුගේ බිරිඳ රශී පබා රත්වත්තේට අයත් බව කියන මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ පිහිටි තෙමහල් නිවසක තිබී අංක තහඩු නොමැති ටොයොටා ලෙක්සස් වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් මිරිහාන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන දින 05කට පසුය.

වාහනය පිළිබඳ තොරතුර මිරිහාන පොලිසියට ලැබෙන්නේ 1997 අංකයෙන් මහජන පැමිණිල්ලක් ලෙසිනි. පැමිණිල්ල අනුව මිරිහාන පොලිස් නිලධාරීන් නිවස සොයාගෙන යන්නේය. එහෙත් නිවස වසා දමා ඇත. එහි පදිංචියක් පිළිබඳව සාධක නැත. නිවස රශී පබා රත්වත්තට අයත් බව අනාවරණය වන්නේ නිවසේ හිමිකාරිත්වය සම්බන්ධව විමර්ශන කරන විටය.

අනතුරුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන මිරිහාන පොලිසිය අදාළ නිවස සෝදිසි කිරිම සඳහා වරෙන්තුවක් ලබාගෙන ලොහාන් රත්වත්තේ ගේ ඥාති සහෝදරියක් ලවා නිවසේ විවෘත කරගන්නේය. නිවස පරීක්ෂා කරද්දී අදාළ රථය නිවසේ ගරාජයේ නවතා තිබියදී සොයා ගන්නට පොලිස් විමර්ශකයින්ට හැකි වූයේය. රථයේ අංක තහඩු නැත. අංක තහඩුවක් සවි කර තිබූ බවට සලකුණු ඇත. රථය අසීරුවෙන් නිවසින් ඉවත් කරගෙන පොලිස් අත් අඩංගුවට ගන්නේ පසුගිය 26 වැනිදාය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සියදිවි නසාගත් ලේකම් රශී පබාගේ නිවසට වාහනය ගෙනත් දාල ලු!

වාහනය සම්බන්ධව මේ අතර ලොහාන් රත්වත්ගෙන් සහ රශි බපා රත්වත්තගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගත්තේය. මුන් දෙන්නා කියන්නේ මරු කතාවකි. කවුරුත් නොහිටිය රශී පබාගේ නිවසට ලියාපදිංචි නොකළ වාහනය ගෙනත් දැම්මේ මහයියාවේ රත්වත්ත නිවසේ දී වෙඩි තබාගෙන මිය ගිය බව කියන ලොහාන්ගේ පුද්ගලික ලේකම් බවය. එය වෙඩි තබාගෙන මැරුණ පුද්ගලික ලේකම්ට යළිත් වලෙන් නැගිට වෙඩි තබාගෙන මැරෙන්නට හිතෙන කතාවක් බව හිතෙන්නේ වාහනය පිළිබඳ රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුය.

පසුගිය 28 දා පොලිසිය රජයේ රස පරීක්ෂක වෙත මෙම වාහනය ඉදිරිපත් කර වැඩිදුර වාර්තාවක් ලබා ගත්තේය. අවජාතක වාහනයේ කතාව එළියට එන්නේ ඒ පරීක්ෂාවෙන් අනතුරුවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව අද ඒ වාහනයේ පැටිකිරිය කීවේය. ඔහු කියපු ආකාරයටම කතාව මෙසේය.

අවජාතක වාහනයේ පැටිකිරිය නිහාල් තල්දූවගේ මුවින්…

” මේ දිනවල 1997 අංකය ලබා දීලා තියනවා ජනතාවට පණිවිඩ ලබා දෙන්න. ඒ අනුව ලැබුනු දුරකථන ඇමතුමකට ලද තොරතුරු අනුව මේ ස්ථානය පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනකොට අනාවරණය වෙනවා මේ ස්ථානය රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරියට අයත් නිවසක් කියලා. ”

“ඒ වාහනයේ විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් සහයක් ලැබෙන්නෙ නෑ හිටපු ඇමතිවරයාගෙන්. අපි මේ වාහනය පොලිසිය භාරයට ගන්නවා. අරන් රජයේ රස පරීක්ෂක වාර්තාව ලබා ගන්නවා. රස පරීක්ෂක වාර්තාවට අනුව එහි තිබෙන අංක කොටන ලද ව්‍යාජ අංක බවට අනාවරණය වෙනවා. ඒ වගේම අප රේගුවෙන් පරීක්ෂා කරනවා. රේගුවෙන් පරීක්ෂා කරනකොට එවැනි වාහනයක් රට තුළට ආනයනය කරලා තියන බවට වාර්තා වෙන්නේ නෑ.”

“ඒ වගේම තමයි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙන් මේ ගැන පරීක්ෂා කළා. ඒ පරීක්ෂාවේ දි එවැනි වාහනයක් ලියාපදිංචි වීමක් ගැන තොරතුරු අනාවරණය වන්නෙත් නෑ. ”

“නමුත් මේ වාහනය රාජ්‍ය අමාත්‍යවරයා විසින් භාවිතා කළ බවට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තියනවා. විමර්ශන නිලධාරීන්ට අනාවරණය වන්නේ මෙය නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් කියන එකයි. ”

අධිකරණයට ඉදිරිපත් කිරීම

අද පස්වරුවේ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් හමුවට ඉදිරිපත් කළේය.

මෙම පුද්ගලයා රේගු ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහය, මෝටර් රථ ආඥා පනත, මුදල් විසුද්ධිකරණය, පොදු දේපළ පනත යන වගන්තිය යටතේ චෝදනාව නැගිය හැකි වරදක් කර ඇති බව මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් අධිකරණයට කරුණු වාර්තා කළහ. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලොහාන් රත්වත්තව 07 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ලොහාන් රත්තවත්ත යනු මේ නින්දිත දේශපාලන බලය විසින් නිර්මාණය කළ කාලකණ්ණි විකෘතියකි. අධිකරණය ඉදිරියේ වරදකරුවෙක් නොවුන ද ෆීජි ජාතික රග්බි පුහුණුකාර ජොයෙල් ප්‍රේරා කොල්ලුපිටිය ගාලු පාරේ පේව්මන්ට් එකක් උඩ වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නැගුන චෝදනාවේ සිට උඩතලවින්න ඝාතන සිද්ධිය තෙක් මිනී මැරුම් ගණනක චෝදනා මේ පුද්ගලයා සම්බන්ධව නැගී තිබිණි. නීතිය මෙතෙක් කල් තිබුණේ ලොහාන් රත්වත්තට වඩා බොහෝම පහලිනි. හිරේ සිටිය යුතු එකෙක් බන්ධනාගාර රාජ්‍ය  ඇමති කිරීමේ ප්‍රතිඵලය කුමක් වියහැකි දැයි ලොහාන් රත්වත්ත වැලිකඩ බන්ධනාගාරයේදිත්, අනුරාධපුර බන්ධනාගරයේදී පෙන්වා දුන්නේය. ඒත් මොළයේ අර්ධයක් වැඩ කරන මේ පට්ට මැරයා මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින විටත් රනිල්ගේ විද්‍යාත්මක කැබිනට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකි.

බදු වංචා කරමින්, ව්‍යාජ චැසි අංක සහ එන්ජින් අංක සහිතව එකලස් කරන ලද සුඛෝපභෝගී රථයක් නීති විරෝධීව භාවිතා කරමින්, එම වාහනයට ව්‍යාජ අංක තහඩු යොදවා ධාවනය කරමින් මෝටර් රථයක් භාවිතය පිළිබඳ රටේ ඇති සියලුම නීති සාහසික ලෙස උල්ලංඝනය කර ඇති ලොහාන් රත්වත්ත දැන් රක්ෂිත බන්ධනාගාරගත වූව ද 07 වැනිදා ඇප මත නිදහස්ව එන්නට පුලුවන. එංගලන්තයේ අපරාධයට යොදා ගත් සොරකම් කරන ලද බී.එම්.ඩබ්ලියු රථයක් නිති විරෝධීව රටට ගෙන්වා එකලස් කිරීමෙන් පසු හොරකම් කරන ලද ගරාජ් අංකයක් යොදා භාවිතා කර හිල්ටන් රථගාලේ සඟවා තිබියදී සොයාගත් ජොනීගේ රථ නඩුවත් එසේය. ජොනී දැන් ඇප පිට එළියේ ය. ඒ මේ රටේ නීතියේ ප්‍රතිපාදනවල සීමාවය.

වැදගත්ම දේ දැන් නීතිය කියා දෙයක් රටේ ඇති බව යන්තමින් හෝ මුන්ට දැනීමය. ඇස් පනාපිට පත්තුවන කුප්ප කුපාඩිකම්වලට ක්‍රියාත්මක නොකර ඉන්නට බැරි නීතිය ක්‍රියාත්මක වනවිට දැන් ලපයි සිපයි කතා නොකියා ඉන්න එක කාගේත් දේශපාලන සෞඛ්‍යයට යහපත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මම පහන් පත්තු කළා… මාලිමාව නිවන් දකින්න යනවා… රජයේ සේවක පඩි වැඩි කරන්නේ නැතිනම් මාලිමාවට ඡන්දය දෙන්න එපා… රනිල් නුවරදී කියයි!

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල පමණක් සොච්චමකින් අඩුවෙයි…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.