ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී ඒකකයේ නව ස්වාධීන සභාපතිවරයා ලෙස පත් කළ බව අද එම කවුන්සිලය නිවේදනය කළේය.
වසර 14කට පසු එම භූමිකාවෙන් විශ්‍රාම ගත් ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් වෙනුවට අයි.සී.සී. ය විසින් සුමති ධර්මවර්ධන පත් කර තිබේ.

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන යනු නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් ලෙස විවිධ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධවත් සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා රජයේ නියෝජනයක් ලෙසත් විශිෂ්ට සේවයක් කළ අත්දැකීම් සම්භාරයක් සහිත නීතිවේදියෙකි.මීට අමතරව, නව දඅයි.සී.සී හි නව දූෂණ මර්ධන ඒකකයේ සභාපතිවරයා ජාත්‍යන්තර පොලිසිය සමග මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ එක්ව ක්‍රීඩාවේ දූෂණ විමර්ශනය කිරීමේ කටයුතුවල නියැලුන වෘත්කිකයෙකි.
එමෙන්ම ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සහ නඩු පැවරීම් කිහිපයක් අධීක්ෂණය කිරීම ද ඔහුවි විසින් සිදුකර තිබිණි. එමෙන්ම අනෙකුත් ගෝලීය ක්‍රීඩා සංවිධාන සමඟ ඇතිකරන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙක් ලෙස ද සුමති ධර්මවර්ධන කටයුතු කර ඇත
ICC හි දූෂණ විරෝධී ඒකකයේ ස්වාධීන සභාපතිවරයා දූෂණ මර්ධන ඒකකය අධීක්ෂණය කිරීම සහ මෙහෙයවීම සඳහා වූ වගකීම දරයි.
ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන සිය භූමිකාව කරන්නේ අනිද්දා (01) සිට ආරම්භ කරනු ඇත.







