නැගෙනහිර පළාතේ පළාත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම පැවසුවේ ප්රදේශවාසීයෙකුගේ පැමිණිල්ලකට අනුව මඩකලපුව කාර්යාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.
කොමිසමට අනුව පැමිණිලිකරු මඩකලපුවේ පර්චස් 65ක ඉඩමක් රුපියල් කෝටියකට මිලදී ගෙන ඇති අතර දැනටමත් රු. 600,000 මුද්දර ගාස්තුවක් ද ගෙවා තිබේ.
කෙසේ වෙතත්, ඉඩමේ වටිනාකම පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් නැවත තක්සේරු කිරීමෙන් පසු ඉඩමේ වටිනාකම රුපියල් දෙකෝටි හැට පන් ලක්ෂ්‍යක් බවත් බදු මුදල් සහ දඩ මුදල ලෙස රුපියල් රුපියල් අට ලක්ෂ පනස් දහසක් අමතරව ගෙවන ලෙසත් පැමිණිලිකරුට දන්වා තිබේ.
මෙම මුදල සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරයා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා තිබේ.
අල්ලස් ගනිද්දී අත්අඩංගුවට ගත් නිලධාරියා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.







