දිනසේන රතුගමගේ –
අධික වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චෙන්නායි හා යාපනය අතර ගුවන් ගමන් ගා මගී නැව් සේවාව අද (16) සිට තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මුහුදේ රළු ස්වභාවය හා අධික සුළං සහිත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නාගපට්ටන සිට කන්කාසන්තුරේ වරාය දක්වා යාත්‍රා කෙරෙන ‘’ශිවගංගී’’ නැව් සේවාව ක්‍රියාත්මක නොකරන බව එම සමාගමේ කලමනාකරණ අධ්‍යක් එස්.නිරන්ජන් ඉන්දියාවේ සිට නිකුත් කරණ ලද නිවේදනයක සඳහන් වෙයි.
මේ අතර අධික වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් චෙන්නායී ගුවන් තොටුපලේ සිට අභ්‍යන්තර හා ජාත්‍යාන්තර ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් නවතා දමා ඇත.
ගුවන් ගමන් හා නැව් සේවාවන් නවතා දමා ඇත්තේ තාවකාලික පියවරක් වශයෙන් වූවත් නැව් සේවාව යළි ආරම්භ කිරීමට කාලයක් ගත විය හැකි බව බලධාරීන් සඳහන් කොට තිබේ.







