ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
ඒ සඳහා පත් කළ හත් දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටුව තීරණය කර ඇත්තේ විභාගයට පෙර පිට වී ඇති ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදී විභාග පිළිතුරු පත් ඇගැයීම සුදුසු බව යැයි විභාග කොමසාරිස් ජනරාල් වරයා කියා සිටියේය.
ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්විය යුතු බවට බරපතල ඉල්ලීම මතු වන්නේ විභාගයට දරුවන් ඉදිරිපත් කළ දෙමව්පියන්ගෙනි. ඔවුන්ගේ ඉල්ලීමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ විශේෂඥ නිර්දේශත් ඇගයීමට ලක් කළ විශේෂඥ කමිටුව විසින් මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත.







