බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අද දඹුල්ලෙන් ඇරඹෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් විස්සයි 20 තරගාවලිය අපට තීරණාත්මක වන්නේ ඇයි?

by editor
ඔක්තෝබර් 13, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

රටම මහා වැස්සකින් තෙතබරිත වී ඇත. එහෙත් ලැබෙන කාලගුණ වාර්තා අනුව දඹුල්ලට තද වැසසක් නැතැයි පුරොකථනය කෙරී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රි ලංකා කණ්ඩායම් විස්සයි 20 තරගාවලියේ මුල්ම තරගය අද දඹුල්ලෙන් ඇරඹෙන්නේය. රාත්‍රි 7.30ට ය. තරගය පැවැත්වෙන අතරවාරයේ සුලු වැසි වාර දෙකක් පමණක් ඇදහැලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙවර ශ්‍රි ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ආරම්භ වන්නේ බොහෝ විට කණ්ඩායම් දෙකම සම අපේක්ෂාවන්ගෙනි. කණ්ඩායම් දෙකේම ඉන්නේ නවක පුහුනු කරුවන්ය. නමුත් පුරවෘත බඳු අතීත ක්‍රීඩකයින්ය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් සමී ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය ය.

පැරණි ක්‍රීඩාවේ මහිමය සොයා ගැනීමේ අපේක්ෂාවෙන් දෙපිලම පසුවන්නේය. දෙපාර්ශයවටම 2025 චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලැබීම පවා අහිමිය. දෙපිලම මේ තරගාවලියට එක් වන්නේ ගිම්හානයේදී එංගලන්තයේ සංචාරයකින් පසුයය.

බටහිර ඉන්දීය කොදෙව්වන් 2024 දී විස්සයි විස්ස අන්තර්ජාතික තරගවල දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව යන රටවල් දෙකම තම මව්බිමේදී පරාජය කර තිබේ. ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලංකාවේදි එක්දින ජාත්‍යාන්තර තරඟාවලි ජයග්‍රහණයක් මෙන්ම සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව සුදු පන්දු තරඟාවලි ජයග්‍රහණ ලබා ඇත.

මෙම සංචාරය එතරම්ම ආකර්ශනීය වන්නේ කණ්ඩායම් දෙකම සතු මේ අපූරු තුලනයන් නිසාය. බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් වරට ශ්‍රී ලංකාවේ සුදු පන්දු තරගමාලාවක් සඳහා සංචාරය කළ අවස්ථාවේදී, ඔවුන් තරගාවලි ජයග්‍රහණයක් ලැබූහ. රටවල් දෙක අතර පැවති අන්තර්ජාතික විස්සයි 20 තරඟ 15 කදී, බටහිර ඉන්දීය කොදෙව්වන් තරග 7ක් සහ ශ්‍රී ලංකාව 8 ක් ජයගෙන තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නමුත මේ වනවිට ICC විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්නේ තෙවැනි ස්ථානයේය. ශ්‍රී ලංකාව දැනට එම ශ්‍රේණිගත කිරීම් වල අටවැනි ස්ථානයේ පසුවන්නේය.

මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවෝ දඟ පන්දු යවන්නන්ට එරෙහි සාර්ථක ප්‍රහාරයක් දක්වා පිතිකරණය වර්ධනය කරගෙන ඇත.

“පසුගිය වසරේ හත්වැනි සිට 15 වැනි ඕවර අතර කාලය තුළ දඟපන්දුවට එරෙහිව අපගේ ලකුණු වේගයේ වර්ධනය ලකුණු 6 හමාරක සිට ඕවරයකට ලකුණු 8 දක්වා ඉහළ නැග්ගා. පසුගිය වසරේ අවසන් ඕවර පහ තුළ අපි හොඳම කණ්ඩායමයි,” බටහිර ඉන්දීය පුහුණුකරු ඩැරන් සැමී පසුගිය සතියේ ක්‍රිකට් මාසික සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබිණි.

නමුත් ශ්‍රී ලංකාවේදී ඔවුන් තවමත් ඔවුන්ගේ දැඩි දඟ පන්දු අභියෝගයට මුහුණ දෙනු ඇති බවට ක්‍රික් ඉන්ෆෝ බේබ් අඩවිය අනුමාන කරන්නේ මහේෂ් තීක්ෂණ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩර්සේ සහ දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයින් ගේ පන්දු යැවීම තක්සේරු කරමිනි.

බටහිර ඉන්දීය කොදෙව්වන් ෂාමර් ජෝශප් සහ අල්සාරි ජෝසප් වැනි පුරාණ වේගපන්දු ප්‍රහාරය සිහිකරන පන්දු යවන්නන්ගෙන් සමන්විතය. දෙදෙනාම පැයට කිලෝමීටර 140 ට වඩා වැඩි වේගයකින් සහ දෝලනයකින් නිරන්තරව පන්දු යවමින් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමට භානුක රාජපක්ෂ කැඳවා තිබේ. ශ්‍රි ලංකා විස්සයි 20 නායක චරිත් අසලංක පැවසුවේ භානුක යළි කැඳවූයේ ඔහුගේ අත්දැකීම් ප්‍රමාණය පීඩනයක් සහිත අවස්ථාවක දී කණ්ඩායමට වැදගත් වනු ඇති නිසා සහ මැද පෙළ ශක්තිමත් කරමින් ඕනෑම අවස්ථාවක සීමාවට ඉහළින් පහරක් එල්ල කිරීමේ හැකියාව ඔහු සතුව පවතින නිසාත් බවය.

යම් හෙයකින් දඟ පන්දු යවන්නන් තුන් දෙනෙක් සඳහා අවස්ථාව ලදහොත් ඊට පිළිතුරක් ලෙස වැන්ඩර්සේ කණඩායමට කැඳවූ බව චරිත් කීවේය.

“බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරගයක් තවම අපි ශ්‍රී ලංකාවේ දී ජයග්‍රහණය කරලා නෑ. ඒ වගේම පසුගිය තරගාවලිත් අපි හරියට ක්‍රීඩා කරලා තිබුණෙ නෑ. ඒ නිසා අපට මේක වැදගත් තරගාවලියක්. මේ තරගාවලියෙන් තමයි කණ්ඩායමක් විදිහට රිදම් එක පටන් ගන්න ප්‍රවේශය ගන්න අවස්ථාව තිබෙන්නේ.”

“පහුගිය සති දෙක විතර මේ ක්‍රිඩාංගනයේ දි අපි ප්‍රැක්ටිස් කළා. සැලසුම් කළා. ඒ ප්ලැන් වැඩ කළොත් අපිට පහසුවෙන් තරගාවලිය දිනා ගන්න පුලුවන්.” චරිත් කීවේය.

ශ්‍රි ලංකා සංචිතය
චරිත් අසලංක (නායක), දිනේෂ් චන්දිමාල්, අසිත ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක,  මතීෂ පතිරණ, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, මහේෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ සහ චමිඳු වික්‍රමසිංහ

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
රොව්මන් පවෙල් ( නායක), ෆේබියන් ඇලන්, ඇලික් අතනාසේ, රොස්ටන් චේස්, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, ටෙරන්ස් හින්ඩ්ස්, ෂායි හෝප්, ෂමර් ජෝශප්, අල්සාරි ජෝෂප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩකේෂ් මෝටි, ෂෙෆන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂමර් ස්ප්රින්ගර්

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියයට 3 සිටි අපට බහුතර බලය දෙන්න ජනතාව ගත් අධිෂ්ඨානශීලී තීන්දුව අංශුවකින් හෝ බිඳ දමනවා නම් අපි මිනිස්සු නෙමෙයි… ජනපති සිය අනාගත පාර්ලිමේන්තු කණ්ඩායම අමතා කියයි!

Next Post

අතුරුදහන් රජයේ වාහන ගැන මහජන පැමිණිලි ක්‍රියාත්මකයි… මධ්‍යම පළාත් දේශපාලකයෙකුගේ ඥාතියෙක් ලඟ ලියකියැවිලි නැති ජීප් රථයක්!

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.