ප්රබල සංවිධානාත්මක අපරාධකරුවන් වූ ගණේමුල්ලේ සංජීව සහ වෙලේ සුදා රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ මැදිරි දෙක අසල සඟවා තිබූ ස්මාට් ජංගම දුරකථනයක්, හෑන්ඩ් ෆ්රී කට්ටලයක් සහ චාජරයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකි වී තිබේ.
විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ බන්ධනාගාරයේ විශේෂ අංශයේ අංක 44, 38 සහ 37 යන මැදිරිවල සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමක දී ජංගම දුරකථනය සහ මෙම අනෙකුත් උපාංග සොයා ගෙන ඇත.
සොයාගත් භාණ්ඩ ඉදිරි පරීක්ෂණ සඳහා බන්ධනාගාර බලධාරීන් වෙත භාරදී තිබෙනවා.







