මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද (08) සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේදී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද සුසිරිගම අංක 113 ලිපිනයේ පදිංචිව සිටි තිදරු පියෙකු වන 53 වියැති ඩබ්ලිව්.ඩී.ජී. අනුර විජේසිංහ යන අය බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
ඔහු රාජකාරිය අවසන් කිරීම සඳහා රිපිටර් වර්ගයේ ගිනි අවියේ සිර වී තිබු පතුරමක් ඉවත් කිරීම සඳහා බට කොටස බිම ගසා තිබේ.
එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වී ආරක්ෂකයාගේ පපු ප්‍රදේශයට වැදී ඇති අතර. ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා ගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මේ සම්බන්ධන් අදාළ රාජ්‍ය බැංකුව පාර්ශවයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.







