කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සිදුවූ අපරාධ සම්බන්ධව විමර්ශන ආරම්භ කිරීමට සැලසුම්වන විට ආන්දෝලනාත්මක භූමිකාවක් පිළිබඳ චෝදනා ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙක් රටින් පැනගොස් ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස සේවයට පැමිණ පොලිස් පරික්ෂකවරයෙක් ලෙස උසස්වීම් ලැබ තිබුණ මෙම නිලධාරියා අතාර්කිකව අසීමිත වත්කම් උපයා ගැනීම සම්බන්ධ චෝදනාවට ලක් වී සිටි අයෙකි.
වාර්තාවන පරිදි මෙම පොලිස් පරීක්ෂකවරයා තමන් රටින් පැන ගන්නට ප්‍රථම සිය පවුල රටින් පිට කර තිබේ. මේ වනවිට ඔහු බටහිර රටක ජීවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.







