ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් විසින් සිදුකරන ලද ආරාධනය පිළිගැනීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක , අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සිදුකරන සාකච්ඡාවක් සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට යාමට නියමිත බව ඩේලි මිරර් වාර්තා කරයි.
සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු හමුවීමට පැමිණි පළමු ඉහළ පෙළේ විදේශීය ප්‍රභූවරයා වන්නේ ජයිශංකර්ය.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාවේ අසල්වැසි පළමු ප්‍රතිපත්තිය සහ සාගර් ඉදිරි දැක්මට අනුකූලව, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට දෙරටේ හවුල් කැපවීම ජයිශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරය අවධාරණය කරන බවයි.
මෙම සංචාරයේදී ජයිශංකර් ශ්‍රී ලංකාවේ ඉන්දීය අරමුදල් සපයන ව්‍යාපෘති සහ එහි ඉදිරි ගමන පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට පැමිණීමට ජනාධිපති දිසානායක වෙත ඉන්දීය ආරාධනා ලැබෙන්නේ ශ්‍රි ලංකා ජනරජයේ සෑම නායකයෙක්ම සිය ප්‍රථම නිල සංචාරය ඉන්දියාව වෙත කරනු ලබන සම්ප්‍රදාය තුළය .
නව ජනාධිපතිවරයා ද ප්‍රථමයෙන් නවදිල්ලි නුවරට පැමිණ පසුගිය ජනාධිපතිවරුන්ගේ මෙම සම්මතය රකිනු ඇති බව දැනගන්නට ඇත.
දින නියම කර නැතත් ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව සිදුවනු ඇති බව වාර්තා වේ.







