ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ මුල් තිදෙනා අතර ට පැමිණීමට සමත් වූ විශිෂ්ට තරගාවලි ජයග්‍රහණයකින් අනතුරුව මාධ්‍ය හමුවේ තරගයේ විශේෂ තීරණ සම්බන්ධව හෙළිදරව්වක් කරමින් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා අද විශේෂ හෙළිදරව්වක් කළේය.
මුල් ඉනිමේ ලකුණු 602කට තරගය අත්හිටුවීමට තීරණය කළ අවස්ථාවේ දී කමිඳු මෙන්ඩිස් නොදැවි ලකුණු 182ක් සහිතව ක්‍රීඩා කරමින් සිටියේය. කමිඳු ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකිරීම සඳහා වූ විශේෂ ලෝක වාර්තාවක් වෙත යමින් සිටියේය.
දිවා ආහාරයෙන් පැයකට පසු තරගය අත් හිටුවා නවසිලන්ත කණ්ඩායමට පිතිකරණයට ආරම්භ කිරීමට කලින් සැලසුම් කර සිටියත් තරගය දිගටම ඇදී ගියේය.
අද ධනංජය ද සිල්වා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ ඔහු ඒතෙක් තරගය අත්හිටුවන්නේ නැතිව දිගටම කමිදුට සහ කුසල් මෙන්ඩිස්ට පිතිකරණයේ යෙදෙන්නට ඉඩ දුන්නේ කමිඳු ගමන් කරමින් සිටි ද්විත්ව ශතකය ගැන කල්පනා කර නොව, කුසල් මෙන්ඩිස් ශතකය සම්පූර්ණ කරන තුරු බවය. ඒ් අතර තුර කමිඳු සිය ලකුණු 1000 ලෝක වාර්තාව වෙත ගිය බවද ධනංජය කීවේය.
කුසල් මෙන්ඩිස් සෑහෙන කාලයකින් ශතකයක් ලබා නොගත් නිසා ඔහුට ඒ් අවස්ථාව දීමට තීරණය කළ බව ද ඔහු කීවේය.
තව පන්දු ඔ්වර දෙකක් ක්‍රීඩා කිරිමට දී ධනංජයට යනවා නම් ලකුණු 200ට යන ලෙසට කාලය දීම වෙනුවට කුසල් ලකුණු සියය සම්පූර්ණ කළ හැටියේම ධනංජය ඉනිම අත්හිටවනු ලැබුවේය.
ඔහු කීවේ ඒ් අවස්ථාවේදි කමිඳු නැතිව චන්දීමාල්, දිමුත් හෝ මැතිවුස් සිටියත් තමන්ගේ තින්දුව වෙනස් නොවන බවය.
ඒ් තීරණය ගත්තේ කණ්ඩායම වෙනුවෙන් බවද අද මේ ජයග්‍රහණයත් ඒම තීන්දුවේම ප්‍රතිඵළයක් බව ද ඔහු පැවසුවේය.







