මේ රටේ වගකීම භාරගත් ලෙසම පාර්ලිමේන්තුව ද ජයග්‍රහණය කරගෙන රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන ලෙස මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සිද්ධාර්ථ හිමිපාණෝ අද (28) අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියට පැවසූහ.
වැඩිදුරටත් අදහස් දක්වමින් මහානායක හිමිපාණන් අගමැතිනියට පවසා සිටියේ රටේ පාසල් පද්ධතියේ මේ වනවිට ඇති විෂමතාව නැති කර ප්‍රධාන අප්‍රධාන ලෙස වූ වර්ගීකරණයෙන් තොර සම පාසල් පද්ධතියක් ඇති කිරීමට කටයුතු කිරීමට අවශ්‍ය බවය.
මල්වතු මහානායක හිමියන් මේ බව අගමැතිනිය වෙත ප්‍රකාශ කළේ අගමැති ධූරයේ දිවුරුම් දුන් පසු මහනුවරට පැමිණ දළදා වහන්සේ වැඳපුදාගෙන මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ගෙන් ආශීර්වාද ලබා ගැනිමේ ගමනේ දී මල්වතු මහානායක හිමියන් බැහැදුටු අවස්ථාවේ දී ය.
එහිදී මහා නායක හිමිපාණන් ඉදිරියේ කරුණු දැක්වූ අගමැතිවරිය පෙන්වා දුන්නේ එය නව රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් බවය. එමෙන්ම සාමාන්‍යපෙළෙන් පාසලෙන් දරුවන් අත්හැරීම යහපත් දෙයක් නොවන බව පැවසූ අගමැතිවරිය දරුවන්ට ප්‍රියමනාප ආකාරයෙන් පාසල් අධ්‍යාපනය ලැබිය හැකි වටපිටාවක් නිර්මාණය කරදීම රජයේ අභිලාෂය බවය.
” හරිම සතුටුයි රජයේ හැම දෙනාම වගේ නිලධාරීන් අපිට මුදල් අවභාවිතා නොවන පරිදි කටයුතු කළ හැකි අන්දම පෙන්වා දුන්නා. සෑම රාජ්‍ය නිලධාරියෙක්ම පාහේ අපිත් ඒක්ක ඒකතු වෙලා රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න පෙළගැහිලා ඉන්නවා කියලා මම විශ්වාස කරනවා.”
” රටේ ආර්ථිකය පමණක් නෙවෙයි සමාජය වගේම පවුල් පද්ධතියත් බිඳවැටිලා, මේ සියල්ලම යථා තත්ත්වයට ගැනීම අපේ වගකීමක්.” අගමැතිනිය මල්වතු මහනාහිමියන් ඉදිරියේ ප්‍රකාශ කළාය.
අගමැතිනිය මහනුවර හින්දු පුල්ලෙයාර් කෝවිල, කටුකැලේ ජුම්මා පල්ලිය, ද වැඳ සර්වාගමික නායකයින්ගෙන් ආශීර්වාද ලබා ගත්තාය.
අරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, නව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ඇතුළු ප්‍රභූන් රැසක් අද දළදා වැඳපුදාගෙන මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැදැකීමට නුවර පැමිණ තිබුණහ.







