බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.ඩී.එච් රෝහලින් පැන්න ඇහැලියගොඩ කාන්තාවට සිදවුයේ කුමක් ද?

by editor
නොවැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටියදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර සිටියදී ඉකුත් 19 වෙනිදා රෝහලින් පළාගිය කාන්තාව මෙතෙක් සොයා ගැනීමට සමත්ව නැත.

විසිපස් වියැති එම කාන්තාව ඇහැලියගොඩ පදිංචිකාරියකි. එක්දරු මවකි. ඇහැලියගොඩ පොලීසිය ඉකුත් ජූලි 22 වෙනිදා ඇයව අත්අඩංගුවට ගන්නේ හෙරොයින් මිලි ග්‍රෑම් 1340 ක් සමගිනි. ඒ ඇය මත්කුඩු බෙදා හරිමින් සිටියදීය. ඇය මත්කුඩු බෙදාහාරිමින් සිට ඇත්තේ මාස දෙකහාමාරක් වයසැති සිය දරුවාද කරපින්නාගෙනය. ඇයව අත්අඩංගුවට ගැනීමෙන් පසු දරුවාව පියාට භාරදීමට පොලීසිය උත්සාහ ගත්තද දරුවාව වෙන් කිරීමට ඇය කැමැත්තක් දක්වා නැත. එබැවින් පොලීසියට සිදුව ඇත්තේ දරුවා ද සමග ඇයව අධිකරණයට ඉදිරිපත් කරන්නටය. දරුවා ද සමග ඇයව රක්ෂිත බන්ධනාගාර වන්නේ අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවය.

තොරු මොරු නිදැල්ලේ..

පොලීසිය කියන ආකාරයට අනුව ඇයට සැමියන් දෙදෙනෙකි. පළමු සැමියාගෙන් වෙන්ව ඇය ඇහැලියගොඩ පිහිටි ලෑලි මඩුවක දෙවැනි සැමියා සමගින් ජීවත් වන්නේ නීත්‍යානූකූල විවහායකින් තොරවය. පළමු සැමියා ඉන්න හිටින තැනක් ගැන මෙතෙක් කිසිවක් පොලීසිය සොයා බලා නැත. එහෙත් දෙවැනි සැමියා නම් ඇය පදිංචිව සිටි ඇහැලියගොඩ යාය පහේ නිවසේ ජීවත් වන බව කියයි. එම පුද්ගලයා කුළියක් මලියක් කරමින් ජීවත් වන්නෙකි.

පොලීසිය කියන ආකාරයට මෙම කාන්තාව මත්කුඩු ජාවාරමේ නිරතවනවාට අමතරව ‍සුලු සොරකම් වලට ද සම්බන්ධය . ඇයට එරෙහිව නිවෙස් බිදුම් සහ  කොල්ලකෑම් චෝදනා ද පොලිස් පොත්වල ලියැවී ඇත්තේය. පොලීසිය කියන්නේ ඇය සොරකම් කර උපයාගන්නා මුදල් වලින් මත්කුඩු මිලදීගෙන ඒවා අලෙවි කරමින් වැඩි මුදලක් උපයා ගන්නා බවකි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සිල්ලරයට විකිණිමට ඇය එම මත්කුඩු මිලදී ගන්නේ කාගෙන්දැයි පොලීසිය කියන්නේ නැත. පොලීසිය පැත්තෙන් සඳහන් කරන්නේ ඒ බවක් විමර්ශන වලින් අනාවරණය වී නැති බවකි. පොලීසිය හාල් මැස්සියක් වන මෙම කාන්තාව අල්ලා මත්කුඩු ඇයට අලෙවි කළ තෝරුන්ට මෝරුන්ට නිදහසේ ඉන්නට ඉඩ හැර ඇති බව ඒ අනුව සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැකිය.

දරුවාත් සමග ඇප නැතිව බන්ධනාගාරයේ..

ඇය ඇප නොමැතිව මාස කිහිපයක්ම බන්ධනාගාරයේ දරුවත් සමග සිටියාය. ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේ මෙයට දින 11 කට පෙරය. ඒ බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂාවකිනි. එදා කුරුවිට බන්ධනාගාරයෙන් පමණක් ආසාදිතයින් 15 හමුවී තිබුණේය. ඒ අයගෙන් 13 ක්ම කාන්තා රැඳවියන්ය. අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර සදහා ඇයව යොමු කෙරන්නේ ඒ අනුවය. ඒ සිය දරුවාද සමගිනි.

අයි.ඩී.එච්. රෝහලේදී ඇයටත් දරුවාටත් රෝහල් කාර්ය මණ්ඩලය සලකන්නේ කිසිසේත්ම හිරකාරියකට මෙන් නොව, ආදරය කරුණාව දයාව ඒ අයට රෝහලින් ලැබුණේය. එහෙත් ඇය ඉකුත් 19 වෙනිදා රාත්‍රී 9.00 ට පමණ රෝහලින් පළායන්නේ වෛරසයට ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මෙසේ කොව්ඩි 19 වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටියදී අයි.ඩී.එච්. රෝහලින් පළාගිය පළමු රෝගියා වන්නේ ඇය පමණක් නොව. මෙයට පෙර කිහිප දෙනෙක්ම පළා ගියේය. ඒ සෑම අයෙක්ම පිරිමින්ය. ඇය රෝහලින් පළායන පළමු කාන්තාවයි. අයි.ඩී.එච්. රෝහලේ සිට ඇය කෙලින්ම යන්නේ ඇහැලියගොඩ යාය පහේ පිහිටි නිවසටය. ඇය බස් රථයකින් ඇහැලියගොඩට පැමිණ බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. අයි.ඩී.එච්. රෝහලේ සිට ඇය බස් රථයට ගොඩවන ස්ථානය වෙත ගමන් කර ඇතැයි සැකකරන්නේ ත්‍රී රෝද රථයකිනි.

දරුවාව නිවසේ අතහැර දැමූ අය අනතුරුව බස් රථයකට ගොඩවී පැන ගන්නේ කිරිඇල්ලටය. එතැනින් ඇයට වෙනත් තැනකට පළායන්නට ඉඩක් නැත්තේ බස් රථයේ කොන්දොස්තරවරයා ඇයව හදුනා ගෙන බස් රථයට ගොඩ නොකර ගැනීම හේතුවෙනි. ඒත් එක්කම කොන්දොස්තරවරයා ඇය ගැන පොලීසියට දැනුම්දීමත් සමග පොලීසිය එහි ආවේය. ඇය ඒ අතර තුර පළායන්නේ කුඹුර යායක් කෙළවරේ පිහිටි වනරොදකටය.

පොලීසිය ගම් වැසියන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සමග එක්ව එම වන රොද 20 වෙනිදාත් 21 වෙනිදාත් දවස පුරාම සෝදිසියට ලක්කළද ඇය ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඉඩක් නොවීය. පොලීසිය සැකකරන්නේ ඇය වනරොදිනුත් පළාගොස් ඇති බවටය. දැන් ඇය කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තකරමින් කෙහේ ඇද්දැයි කාටත් ගැටලුවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධනට ජපුර සරසවිය ගෞරව ආචාර්ය උපාධියක් පුදයි..

Next Post

අය වැය දෙවන වර කියැවීම  වැඩි චන්ද 99කින් සම්මතයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.