ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආශිර්වාද පළ කරමින් ජනාධිපති නිල නිවසට සිවු දෙසින් වැඩමවා වදාළ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වා තිබිණි.
ඓතිහසික මහනුවර දළදා මාළිගාව ප්රමුඛ මල්වතු අස්ගිරි මහා විහාර නියෝජනය කරමින් සහ කතරගම කිරිවෙහෙර, ශ්‍රී පාදස්ථානය, අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ස්වර්ණමාලි චෛත්‍යාරාමය, ලංකාරාමය ඇතුළු විහාරස්ථානයන්හි සහ මරදාන විද්‍යෝදය පරිවෙන ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනාධිපති නිල නිවස වෙත වැඩම කළ නායක ස්වාමින් වහ්නසේලා සෙත් පිරිත් සජ්ජයනා කර ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ පිරිස පංචශීලයේ පිහිටවනු ලැබූහ.
ඉන් අනතුරුව මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්යචක්රවරතී ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ කෙටි අනුශාසනාවක් පැවැත්වූහ. ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්යචක්රවරති ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමි ද අනුශාසනා පැවැත්වූහ.
.
සොලොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක හිමි, කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමි, ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමි, ලංකාරාමාධිකාරි උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමි, බෙල්ලන්විල රජමහා විහරයේ විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය බොරලැස්ගමුවේ පේමරතන නායක හිමි, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නායක හිමි, ස්වර්ණමාලි චෛත්යාරමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක හිමි, අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ උතුරු – උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමි, සම්බුද්ධාලෝක විහාරාධිපති මහෝපාධ්‍ය, මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසාර නායක හිමි, කොළඹ හැව්ලොක් සිටි සාම විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධිපති පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද නායක හිමි, නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නායක හිමි, වැල්ලවත්ත යමුණා සදහම් ආශ්රමයේ විහරාධිපති අමරපුර මහා නිකායේ සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත නායක හිමි, පාදෙනිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති දේවමැදිහත්පත්තුවේ ප්‍රධාන අධිකාරණ සංඝනායක පූජ්‍ය කටුමුළුවේ ශ්‍රී සුමනරත්න නායක හිමි, පිරිවෙන් උපදේශක පූජ්‍ය දොඩම්පහල රාහුල නායක හිමි, මරදාන විද්‍යෝදය පරිවෙනාධිපති ආචාර්ය බලංගොඩ සොභිත නායක හිමි, මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය වැලිහේනේ සෝභිත හිමි, නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නායක හිමි, කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමි, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරාධිපති පූජ්‍ය ඔලබොඩුව ධම්මික නායක හිමි, ශාස්ත්‍රපති පූජ්‍ය කොටහේනේ නාරද හිමි, ආචාර්ය පූජ්‍ය ගැටහැත්තේ සෝභිත නායක හිමි, බෝමළුව විහාරවාසී ආචාර්ය පූජ්‍ය කහටගොල්ලෑවේ මේධංකර හිමි ප්රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.







