ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා දැමීමට හේතු වූ බව කියන ගැටුමට ජාතික ජන බලවේගයේ ප්‍රධාන හවුල්කරුවෙකු වන ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) වගකිව යුතු බවට පළ වූ මාධ්‍ය වාර්තා ජාතික ජන බලවේගය (එන්පීපී) තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
මාධ්‍ය අමතමින් ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ” කිසිදු සම්බන්ධයක් නැති සිද්ධියකට ජාතික ජන බලවේගය මත වරද පැටවීමට විවිධ පාර්ශ්ව උත්සාහ කරන” බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමෙන් විරුද්ධ කඳවුරු කැළඹී ඇති ආකාරය පිළිබඳ මෙය පැහැදිලි සලකුණක් බවය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙම ගැටුම සම්බන්ධව ඊයේ ඍජුවම ජාතික ජන බලවේගයට චෝදනා කරමින් ප්‍රකාශ කළේ භීෂණය සහ මැර බලය වපුරමින් යන මෙවැනි කණ්ඩායම්වලට රාජ්‍ය බලය ලබා නොදිය යුතු බවය.







