බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිංග එල්.පී.එල්. ගහන්න බැහැ කියපු හේතුව මෙන්න

by editor
නොවැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව විස්සයි විස්ස සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ලසිත් මාලිංගට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්තමානයේ ලොව උසස්ම විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වන අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාවටද හිමිකම් කියන ඔහු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසමින් ඉවත්ව ඇත.

“නිකන්ම තරගාවලියක් ගහලා වැඩක් නැහැ. තරගාවලියක් පවත්වනවනම් හරි විදිහට වෙන්න ඕන. එහෙම නැතිව ගහන්නම් වාලේ ගහලා වැඩක් නැහැ. අපි බලාගෙන හිටියා මොකද වෙන්නෙ කියලා.” යනුවෙන් ලසිත් මාලිංග පවසයි.

පසුගිය වසර කිහිපයේදී විදේශීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගවලට ශ්‍රී ලංකාවෙන් සහභාගි වීමට වරම් ලැබුවේ ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන පමණි. බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉකුත් වසරේදී දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබුණි. මාලිංගලා මෙන්ම ක්‍රිස් ගේල්ලා වැනි ලොව සුපිරි විස්සයි විස්ස ක්‍රිකට් තරු ප්‍රිමියර් ලීග් තරග ඔස්සේ මේ ව විටත් රුපියල් කෝටි 100 කට වැඩි මුදලක් උපයා ඇත. නමුත් එල්.පී.එල්. වලදී ඔවුන්ට ලැබෙන ඉහළම ගණන ඇ.ඩො. 60000 කි. එබැවින් ක්‍රිස් ගේල් එම මුදලට මුලින්ම බැහැ කියා ඇ.ඩො 100000 ක් ඉල්ලුවේය. ඒ ගැනත් විශ්වාසයක් නැතිවීම නිසා ඔහු තරගාවලියට සහභාගි වීමට නොහැකි බව දැන්වීය.

අයි.පී.එල්. තරගාවලිය ක්‍රීඩා කරන අතරවාරයේ දේශීය විස්සයි විස්ස තරගාවලියට සහභාගි වීමටද මාලිංග සමත් විය. එදා මාලිංගට ජාතික කණ්ඩායමේ ස්ථානයටද පොඩි කැපිල්ලක් තිබු නිසා එසේ ඔහු ඉන්දියාවේ සිට කඩිමුඩියේ ඇවිත් සෙල්ලම් කළේය. නමුත් එල්.පී.එල්. ගැන මාලිංගගේ කතාව වෙනස් කතාවකි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මාලිංග එල්.පී.එල්. ක්‍රීඩා නොකරන බව පැවසුවේ තරගාවලිය ආරම්භ වීමට සතියක් තිබියදීය. ඔහු ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වයට පත්කිරීමටද සැලසුමක් තිබුණි. සහිඞ් අෆ්රීඩිද එම කණ්ඩායමට නම් කර ඇත. නමුත් හදිසියේම ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකයා එල්.පී.එල්. ගහන්න බැහැ කිව්වේ කුකුස දනවන ප්‍රශ්නයක් සඟවාගෙන බවනම් සැබෑය.
“පුහුණුවීම් කරන්න අවස්ථාවක් තිබුණෙ නැහැනේ. කෝවිඞ් 19 හේතුවෙන් රට වහලා තිබුණෙ. මම මේ වසර මුලදී බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් පසුව කිසිම ක්‍රිකට් ක්‍රීඩාවක් කරලා නැහැ. මට කිසිම පුහුණුවක් ලැබුණෙත් නැහැ. පසුගිය මාසයේ මේ තරගාවලියේ කෙටුම්පත සිදුවුන වෙලාවේ මම හිතුවා සති තුනකවත් පුහුණුවක් ලැබෙයි කියලා. නමුත් කිසිවක් සිදුවුණේ නැහැ. මේ සතියේදී හම්බන්තොට පැමිණ නිරෝධානය වෙන්න විතරයි තිබුණේ. පුහුණුවක් නැතිව ඉහළ මට්ටමක ක්‍රීඩා කරන්න පන්දු යවන්නකුට පහසු නැහැ. එල්.පී.එල්. තරගාවලියේ එක දිගට තරග තියෙනවා. ඒ නිසා මම තීරණය කළා ක්‍රීඩා නොකරන්න.” යැයි මාලිංග පවසයි.


Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනක බණ්ඩාරගේ මිනී මැරම් නඩුව විසිවේ…

Next Post

ක්‍රීඩකයකුට කොරෝනා වැළඳී LPL අර්බුදයක

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.