සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්වීම පිණිස මහනුවර මධ්‍යම වෙළදපොළ ඉදිරිපිට අද (09) පැවති ජන රැළිය අතරතුර පොලිස් අණ නොතකා පත්තුකළ රතිඤ්ඤා පිපිරි යෑමකින් පිලිස්සුම් තුවාල ලද පොලිස් නිලධාරීන් 07ක් සහ සිවිල් වැසියන් 2ක් ඇතුළු 09 දෙනාගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව මහනුවර රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු කියයි.

මහනුවර ජාතික රෝහලට මෙම තුවාලකරුවන් 09 දෙනා ඇතුළත් කර තිබේ.
මෙම රැස්වීම අද පස්වරු 3.00 ට පමණ ආරම්භ වූ රැළියට සජිත් ප්‍රේමදාස පැමිණෙත්ම ඔහුගේ ආධාරකරුවන් පොලිස් අණද නොතකමින් නගරයේ ස්ථාන කීපයක රතිඤ්ඤා දල්වනු ලැබුවේය.
තුවාලකරවන්ට ප්‍රතිකාර කරමින් සිටින බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු පැවසුවාය.







