රාජ්‍ය දේපලත් උල්ලංඝණය කරලා… වගකිවයුත්තන්ට නීතිමය පියවර ගන්නා බව මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධයස්ථානය පවසයි!
මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පෙරවරුවේ පැවති ජාතික තරුණ සමුළුවේ දි මැතිවරණ නීති උල්ලංඝනය කිරිම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවෙ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇතැයි පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනය පවත්වමින් පැවැත්වූ මෙම ජාතික තරුණ සමුළුව සඳහා දිවයින පුරා යෞවන සමාජවල නියෝජිතයින් විශාල පිරිසක් ගෙන්වා ඔවුන් වෙනුවෙන් දිවා භෝජනයක් ද ලබා දීමට සංවිධායකවරුන් කටයුතු කර තිබිණි. මෙම දිවා ආහාරය ලබාදීමේ ක්‍රියාවලිය මැතිවරණ කොමිසම මැදිහත් වී තහමනම් කර ඇත.
මෙහිදි යෞවන සමාජ සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයෙක් දේශපාලන කතාවක් කර මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවත්, රාජ්‍ය දේපළ අවභාවිතා කර ඇති බවත් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානය කියයි.
මෙම සමුළුවේ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් අදාල පාර්ශවවලට එරෙහිව මහරගම පොලිසිය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.







