දිනසේන රතුගමගේ –
කටගොන්නක් බීගෙන යාපනයේ කූරිකඩ්ඩුවාන් ප්‍රදේශයේ සේවය කළ පොලිස් නිලධාරියෙකු රාජ්‍ය නිලධාරියෙකුට පහර දීමට උත්සහ කිරීමේ සිද්ධියක් මත එම පොලිස් නිලධාරියාගේ සේවය ඊයේ 25 දා අත් හිටුවා තිබේ.
එම පොලිස් නිලධාරියා යාපනයේ ඌර්කාවතුරේ පොලීසියට අනුයුක්තව සේවය කරණ නිලධාරියෙකි.
රාත්‍රී කාලයේ රාජ්‍ය නිලධාරියා යතුරු පැදියකින් පැමිණි අවස්ථාවේදී බීමත්ව සිටි පොලිස් නිලධාරියා නිලධාරියාගේ යතුරු පැදිය සම්බන්ධයෙන් වූ සියලුම ලේඛන පරීක්ෂා කොට තිබේ.
මේ අවස්ථාවේදී කිසිම දෝෂයක් නොවූවත් බීමත්ව සිටි පොලිස් නිලධාරියා රාජ්‍ය නිලධාරියාට පහර දීමට උත්සහ කොට ඇත.
ඒ අවස්ථාවේදී එතැන රාජකාරියේ සිටි නාවික හමුදා නිලධාරියෙකු පහර දීමට යාම වළක්වා රාජ්‍ය නිලධාරියාව එම ස්ථානයෙන් පිටත් කොට යවා තිබේ.
රාජ්‍ය නිලධාරියා මේ පිළිබදව කූරිකඩ්ඩුවාන් පොලීසියට දැණුම් දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් බීමත්ව සිටි පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට ඇත.
ඔහු බීමතින් සිටි බවට සනාථ විමෙන් පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නියෝග මත ඔහුගේ සේවය අත් හිටුවා ඇති අතර පොලිස් නිලධාරියාව ඌර්කාවතුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.







