සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දිස්ත්‍රික්ක 06ක ආරම්භ කර ඇති රුපියල් කෝටි 20කට වඩා වැඩි වටිනාකමක් සහිත සංවර්ධන ව්‍යාපෘති ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පිට නවත්වා දමා ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
මන්නාරම, වව්නියාව, මුලතිව්, පුත්තලම, ත්‍රීකුණාමලය සහ මඩකළපුව යන දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් වෙත මීට පෙර අනුමැතිය ලබා දී ති බී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අනුව ඉතා ඉක්මනින් සංවර්ධනය විය යුතු බවට අදාල දිස්ත්‍රික්කවල ජනතාව, ග්‍රාම සංවර්ධන සමිති, සුබ සාධන සංගම්, සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධානවල ඉල්ලීම මත පදනම්ව මෙම ව්‍යාපෘති ආරම්භ කර තිබේ.
කෙසේ නමුත් පසුගිය බ්‍රහස්පතින්දා අදාල දිස්ත්‍රික්ක හයේ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී එස්.ඒ.පී.කුමාරි අදාල ව්‍යාපෘති අත් හිටුවන ලෙසට මාර්ගෝපදේශ සපයා තිබේ.
ඒ සඳහා වෙන් කළ ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ජනාධිපති කාර්යාලයට බැර කරන ලෙස ද ගණකාධිකාරීවරිය සිය අත්සන සහිතව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිඛිතව දැන්වීමෙන් අනතුරුව රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය ලබා දීම සඳහා ගත් තීරණය හේතුවෙන් උක්ත සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කළේදැයි සැකයක් උපදින බවය.
බදියුදීන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ මෙවැනි සදාචාර විරෝධී කටයුතුවලට ජනාධිපතිවරයා මැදිහත්වනු ඇතැයි කිසිසේත් විශ්වාස නොකරන බවත්, ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇතැම් පුද්ගලයින් හා නිලධාරීන් මේ ආකාරයෙන් හැසිරෙනු ඇතැයි සිතන බවත්ය.
දිස්ත්‍රික් ලේකම්වරුන්ට යවා ඇති මාර්ගෝපදේශ අවලංගු කිරිම සඳහා මැදිහත්වන ලෙසද බදියුදීන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ දක්වා ඇත.
නවත්වා දැමූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව නොලැබේ නම් අකමැත්තෙන් හො මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සිදුවන බවද බදියුදීන් මන්ත්‍රීවරයා දන්වයි.
දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇති නියෝග මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව තමන් විශ්වාස කරන්නේ යැයි ද බදියුදීන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දක්වා තිබේ.







