බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අපි මැච් එක අතහැරියා…

by editor
අගෝස්තු 16, 2024 - Updated on අගෝස්තු 17, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අයර්ලන්ත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින තරගය අයර්ලන්ත කණ්ඩායම කඩුළු 03කින් දිනුම්ය. ඇත්තටම ඔවුන් දිනුවා නොව, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය අත්හැරියේය.

ලකුනු 260 ශ්‍රී ලංකා පිල ලැබුවේය. ලකුණු 261ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම පන්දු 4ක් ඉතිරිව තිබිය දී තරගය කඩුළු 03කින් දිනා ගත්තේය.

අප දිනුම අත්හැරියා…

අයර්ලන්තකණ්ඩායම දිනුවා නොව, අප දිනුම අතහැරියේ ය. හුදකලා සටනක් කර අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය විශිෂ්ට පිතිකාරිණිය වු ඔර්ලා ප්‍රෙන්ඩෙගස්ට් ගේ පහසු උඩපන්දුව 46 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ දී රැකගෙන ඇයගේ ගමන ලකුණු 90න් නිමා කර ජයග්‍රහණය තහවුරු කරගත හැකිව තිබු මොහොතේ අප ඒ උඩපන්දුව අත හැරියේ ය. ඒ වනවිට අයර්ලන්ත කණ්ඩායම ලකුනු 223ට කඩුළු 07ක් දැවී ගොස් සිටියේය. අවසන් විශේෂඥ පිතිකාරිය 8 වැනි කඩුල්ල ලෙස දවා ගැනීම මගහැරි අපට ඇය කදිම උත්තරයක් දුන්නාය. ඒ සිය මංගල ශතකය පසුකර නොදැවී ලකුණු 122ක් ලබා ගනිමිනි.

කවීෂා දිල්හාරි අද කඩුලු 04ක් ගත්තාය. එහෙත් ඒ කඩුලු 04 වටිනාකම ඇය සිය අවසාන පන්දු ඕවරයේ දී බොඳ කරගත්තාය. පන්දු යවන්නියකගේ වගකීම කඩුළු ගැනීම පමණක් නොව, අවශ්‍යම අවස්ථාවලදී මූලික දේ නිවැරදිව කිරීමය. විශේෂයෙන්ම කාන්තා කන්ඩායමක පන්දු යවන්නිකගෙන් විශාල වේගයක්, විශාල දඟ කැවිම් සහිත පන්දු යැවීමක් අපේක්ෂා කෙරෙන්නේ නැත. විනයකින් නිවැරදි තැනට පන්දුව පතිත කිරීම සහ පන්දුව පාලනය පමණක් තිබුණානම් එය ප්‍රමාණවත්ය.

කවීෂා දිල්හාරි 48 වැනි පන්දු ඕවරය යවන්නට පැමිනෙන විට පන්දු 18කට ලකුණු 30ක් ලබා ගැනීමේ ඉලක්කය අයර්ලන්ත කණ්ඩායමට තිබිණි. එහෙත් දඟ පන්දු යවන කවීෂා දිල්හාරි 48 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී සීමා ඉර පන්නා පාදය තමබින් දැමූ නිපන්දුවට ඕර්ලා ප්‍රෙන්ඩෙගස්ට් පිළිතුරු දුන්නේ හයේ පහරකිනි. අනතුරුව නිපන්දුවට ලැබෙන නිදහස් පහරින් ලකුණු 04ක් ලබා ගනිමිනි. ඇය පන්දු ඕවරය නිමා කරන්නේ ලකුණු 18ක් ලබා දෙමිනි. අවසන් ඕවර 02කට ලකුණු 13ක පහසු ඉලක්කයක් අයර්ලන්ත කණ්ඩායමට ඉතිරි කරමිනි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අවසානයේ දී විනය සංයමය මෙන්ම ජයවද කැටි වුන ඔර්ලා ප්‍රෙන්ඩෙගස්ට්ගේ විශිෂ්ට මෙන්ම ප්‍රදර්ශනාත්මක පිතිකරණය අයර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.

අද තරගය

අද තරගය පැවැත්වුනේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට්, ස්ටෝමොන්ට් හි සිවිල් සේවා ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ ය. කාසියේ වාසිය දිනුවේ අයර්ලන්ත කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ,

එම තීන්දුව බෙහෙවින්ම නිවැරදි බව පෙනුණි. පන්දුවට පහර දීමට පැමිණි ආරම්භක පිතිකාරිණියන් යුවල විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තුය. ලෝකයේ නොම්මර 1 පිතිකාරිණිය වූ චමරි තමන් මුහණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියාය. ඒ ආරම්භක පන්දු යවන්නිය වූ ඔර්ලා ප්‍රෙන්ඩෙගස්ට්ගේ පන්දුවකට කඩුළු රකින ක්‍රීඩිකා ඇමි හන්ටර් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. පළමු කඩුල්ල බිඳි යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව 1 දී ය.

විස්සයි 20 තරගාවලිය පුරා විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් සිටි හර්ෂිතා සමරවික්‍රම ලකුණු 19කට දැවී ගියාය. ඒ ඇලනා ඩල්සෙල් එවු පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

එතැන් සිට හසිනි පෙරේරා සහ එක් අන්තයක් රැකගෙන ඉවසීමෙන් පන්දුවට පහර දෙමින් සිටි විශ්මි ගුණරත්න අතර 3 වැනි කඩුල්ල වෙනුවෙන් විශිෂට ලකුණු 122ක සම්බන්ධයක් ගොඩනැගුනේය.

මේ තරගයේ ලකුණු 260ක තරගකාරී ලකුණකට ශ්‍රි ලංකා කණ්ඩායම රැගෙන යන විශිෂට පිතිකරණයේ නිරත වන්නී විශ්මි ගුණරත්නය. ඇය රැකගත යුතු විශ්මයක් බව අපට කීවාය. තවමත් ගම්පහ රත්නාවලී බාලිකාවට පාසල් යන, 18 වියේ පාසල් ක්‍රීඩිකාවක වන විශ්මි මනරම් ලකුණු 101ක් ලැබුවාය. එය ඇය අන්තර්ජාතික කාන්තා එක්දින තරගයක දී ලැබූ මංගල ශතකය ය. පන්දු 98ක දී හතරේ පහර 09ක් සහ එක් හයේ පහර 03ක් සහිතව ඇය සිය ශතකය වාර්තා කළාය. ශතකය වාර්තා කළ වහාම 3 වැනි කඩුල්ල ලෙස විශ්මි දැවී යන්නේ ඇලන් කෙලී එවූ පන්දුවකට ලෙයා පෝල් වෙත උඩ පන්දුවක් ලබා දීමෙනි.

ඇලනා ඩල්සෙල් යැවූ පන්දුවකට ඕර්ලා ප්‍රෙන්ඩෙගස්ට් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. අනතුරුව කවීෂා දිල්හාරි ලකුණු 16කටත්, 5 වැනි කඩුල්ල ලෙස හසිනි පෙරේරා සිය අර්ධ ශතකය පෙනි පෙනී ලකුණු 46කටත් දැවී යන්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා ලකුණු 13ක්, අනුෂ්කා සංජීවනී ලකුණු 17ක්, සචිනි නිසංසලා නොදැවී ලකුණු 17ක්,  සුගන්ධිකා කුමාරි ලකුණු 18ක්, අචිනි කුලසූරිය නොදැවි ලකුණු 3ක් ලබන්නීය. අමතර ලකුණු 10කි. කණ්ඩායමේ අගින් ලැබුණු වේගවත් ලකුණු එකතුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 260ක ඉලක්කයක් කරා ගෙන ගියේය.

අයර්ලන්ත ඉනිම සහ ඕර්ලාගේ දවස 

260 යනු ඕනෑම තත්ත්වයක් තුළ ලබා දිය හැකි හොඳ ඉලක්කයකි. හඹා යෑම පහසු නොවන ඉලක්කයකි. ආරම්භක පිතිකාරිනි ගෙබි ලෙවිස් මුල්ම කඩුල්ල ලෙස දැවි යන්නේ ලකුණු 20ක් ලෙස කණ්ඩායමේ මුලු ලකුණු ප්‍රමාණය තිබිය දී ය. අචිනි කුලසූරිය යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ඇය දැවි ගියාය.
අයර්ලන්තය වෙනුවෙන් සාරා ෆෝබස් ලකුණු 30කි. කඩුලු රකින ක්‍රීඩ අමී හන්ටර් ලකුණු 42කි. ලෙයා පෝල් ලකුණු 07කි. රෙබෙකා ස්ටොකෙල් ලකුණු 19කි. ආර්ලීන් කෙලී 12කි. එලිස් ටෙක්ටර් දැවී යන්නේ ලකුනු නොලබා ය. ජේන් මැගුවර් ලකුණු 07කි.

මුලු අයර්ලන්ත ඉනිමම අද ඔර්ලා ප්‍රෙන්ඩෙගස්ට් ගේය.  අද තරගයම ඇයගේ කීවත් නිවැරදිය. වාසනාව තිබුණේ ඇය වෙත බව සැබෑය. ඕර්ලා අද ශ්‍රි ලංකා කණඩායමට එල්ල කළ ප්‍රහාරය කිසි කලෙකත් අමත නොවන එකකි. නොදැවී පන්දු 107ක දී හතරේ පහර 10ක් සහ හයේ පහර 02ක් සමගින් නොදැවී ලකුණු 122ක් ලබාගෙන අයර්ලන්ත කණ්ඩායම සංයමයකින් යුතුව ජයග්‍රහණය කරා ගෙන ගිය ඔර්ලාගේ විශිෂ්ඨ ඉනිම වෙනම කතා කළ යුතු බව කිව යුතුය.

තුන්ඉරියව් ක්‍රීඩිකාවක් යනු කවරෙක්දැයි ඇය ලෝකයට පෙන්වා දුන්නාය. චමරි අතපත්තු එකම ලකුණක්වත් නොලබා ඇය මුහුණ දුන් මුල්ම පන්දුවෙන් දවා ගත්තෙ ඕර්ලාය. ඇය කඩුළු 03ක් ලබා ගත්තාය. එමෙන්ම ඇය උඩපන්දු 02ක් රැක ගත්තාය. නොදැවී ලකුණු 122ක් රැස් කළාය. තරගයේ හොඳම ක්‍රීඩිකාව ඇය ය.

පන්දු යැවීමේ දි කවීෂා දිල්හාරි ලකුණු 54ට කඩුළු 4ක්, උදේශිකා ප්‍රබෝධනී ලකුණු 47ට කඩුල්ලක්, අචිනි කුලසූරිය ලකුණු 24ට කඩුල්ලක් ලබා ගත්හ. සචිනි නිසංසලා ලකුණු 44ට කඩුල්ලක් ලැබුවාය.

අප මේ බව සිහිකළ යුතුය. එක්දින අන්ර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල අයර්ලන්තය ඉන්නේ අපට වඩා ස්ථාන 06ක් පසුපසිනි. අප 5 වැනි තැනය. අයර්ලන්තය 11 වැනි තැනය.

අප මේ තරග කරන්නේ ලෝක කුසලානයක් සඳහා සූදානම් වෙමිනි. චමරී ගේ සිහිනය ලෝක කුසානය ලංකාවට දිනා දීමය. ඇය ඒ බව යළි යළිත් පවසා තිබේ. එසේ නම් මේ ක්‍රීඩාව මීට වඩා වෙනස් විය යුතුය. මූලික දේ නිවැරදිව කරමින් අඛණ්ඩ සාර්ථකත්වය කළමනාකරණය කරග යුතුය. ඉදිරි තරගවලදී ඒ සාර්ථකත්වය සමග ඔවුන් පැමිණෙනු ඇතැයි පේක්ෂා කරමු.






Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංවතුර පාලන ව්‍යාපෘත් අයාලේ… එක වැස්සක් ඇති… අදත් ගාල්ල යටවෙයි…

Next Post

සජබ බේරුවල ආසන සංවිධායක ධූරය ලබා ගත් ඩිල්ෂාන් ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්… මහ මැතිවරණයට තරග කරන්න සජිත්වත් අන්දන සැලසුමක දැයි සැකයක්!

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.