ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එම කොමිසම නිවේදනය කර ඇත්තේ සැප්තැම්බර් 4, 5 ,6 යන තෙදින තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා පහසුකම් සලසන බවයි.
සැප්තැම්බර් 4 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ ලේකම් කාර්යාල සහ පොලීයේ සේවයේ නියුතු අය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට පහසුකම් සපයා ඇත.
සලකුණු නොකර ලද තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම සඳහා නැවත සැප්තැම්බර් 11 සහ 12 යන දිනයන්හි අවස්ථාව ලබාදෙන බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.







