හැටන් රංජිත් රාජපක්ෂ –
පඩි පාලක සභාව මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 ක දෛනික වැටුප වතු කම්කරුවන්ට ලැබෙන තෙක් ඔවුන් ඒ පිලිබදව අවිනිශ්චිතතාවයකින් සිටින බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමෙින්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් පවසයි.
වි.රාධාක්‍රිෂ්ණන් ඒ බැව් කියා සිටියේ අද (13) දින හැටන් නගරයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවකදි මාධ්‍ය හමුවක් කැදවමිණි.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් කියා සිටියේ මීට ප්‍රථම රු 1700 ක වැටුප වැඩි කල බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව වතු කම්කරුවන් දින ගණනාවක් සැමරුම් උත්සව පවත්වමින් සතුට පල කළ බවය,
ඊයේ (12) දින යලිත් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කළ බවට ප්‍රකාශයට පත් කළද එම වැටුප වතු කම්කරුවන්ගේ අතට ලැබෙන තෙක් කිසිදු සැමරුම් උත්සවයක් නොපැවැත්විමට වතු කම්කරුවන් තිරණය කර ඇති බව ඔහු කියයි,
වතු සමාගම් විසින් පඩි පාලක සභාවේදි එකගතාවය පල කර ඇත්තේ රු 1350 ක දෛනික මුලික වැටුපක් සහ එම මුදලට ඊ.පි.එෆ් සහ ඊ.ටි.එෆ් මුදල ගෙවිමටත්, වසර තුනක් යනතුරු යළිත් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකිරිමටත්, වැටුප් වැඩි කරන ලෙසට බල කරමින් කිසිදු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹිමට වතු වෘත්තිය සමිතිවලට ඉඩක් නොමැති බවටත් වතු සමාගම් මෙම සාකච්ඡාවේදි කොන්දේසි පනවා ඇති බව මන්ත්‍රීවරයා කීවේය.







