රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරාට සහාය පල කළ බොහෝ පිරිසක් නුදුරේදීම යළි පොහොට්ටුව වෙත හැරි එනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) තංගල්ලේ දී පැවති ප්‍රාදේශීය දේශපාලකයින් හමුවක් අතරතුර මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ පොහොට්ටුවේ මැති ඇමතිවරුන් 92ක් රනිල් සමග ඉන්නා බවට කරන ප්‍රකාශ සාවද්‍ය බවය.
“ඔබතුමන්ලට මාධ්‍යයෙන් බලා ගන්න පුලුවන් වේවි ඔය කියපු අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු හෙට අනිද්දා දවස්වල අපිත් එක්ක එකතු වෙන විදිහ. ” රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.
දැනටමත් පොහොට්ටුවෙන් ඉවත්වී රනිල් වික්‍රමසිංහ දිනවීමට ගිය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි නැවත නාමල් රාජපක්ෂ දිනවීමට පැමිණෙන බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර ඇත.
මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන්ද විශාල සංඛාවක් ප්‍රේමලාල් ජයසේකර සමග පොහොට්ටුවට එක් වීමට නියමිත බව කියැවේ.
පවිත්‍රා වන්නිආරච්චි රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන්නට එක් වීමට තීරණය කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මහජන නියෝජිතයින් විසින් කළ බලපෑම නිසා යැයි පැවසෙන බැවින් මේ වනවිට පවිත්‍රා වන්නි ආරච්චි ද ගැටලු සහගත තත්තවයක සිටින බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මේ ආරංචි පෙන්වා දෙන්නේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත සම්බන්ධ වුන වේගයෙන් ඔවුන්ට අදාල පිළිගැනීම සහ වගකීම් නොලැබී තිබීම හේතුවෙන් මේ පිරිස යළි පොහොට්ටුව සමග එක්වීමට උත්සාහ කරමින් සිටින බවය.







