සූරියවැව නුවන් ජයසේකර –
-
අධිකරණ වෛද්‍ය නිලධාරියාත් දූෂකයින්ගේ පැත්ත අරන්… පොලිසියට පැමිණිලි එයි…
අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සිට විශාල සමාජ කණ්ඩායමක් විසින් ස්ත්‍රී දූෂකයින් බේරා ගැනීම සඳහා විශාල බලපෑමක් එල්ල කරමින් සිටින අවස්ථාවක පාසලේ සිසුන් 22ක් විසින් සමූහ දූෂණයට ලක් කළ දැරිය සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වා ගැනීම සඳහා දැඩි අසීරුවෙන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මෙම සිදුවිමට අදාලව මේ වන විට සැකකාර සිසුන්ගේ පාර්ශවයෙන් දැරියගේ පාර්ශවය වෙත දැඩි බළපෑම් එල්ල වෙමින් පවතින අවස්ථාවක විමර්ශන පවත්වන තණමල්විල පොලිසිය විසින් ඊයේ (11) සවස දැරිය දූෂණය කළ සිසුන් 22 දෙදෙනාගෙන් සිසුන් 17 දෙනෙකු හා අපරාධය සඳහා ආධාර අනුබල දීමේ චෝදනා මත එක් සැකකාර සිසුවෙකුගේ මවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට මත්තෙන් අධිකරණ වෛද්‍ය වර්තාවක් ලබාගත යුතු වුවත් හම්බන්තොට අධිකරණ වෛද්‍ය වරයා විසින් මෙම සිසුන් පරික්ෂා කිරිම ප්‍රතික්ෂේප කර තණමල්විල පොලිස් ස්ථානයට ලිපියක්ද එවා තිබේ.
මේ තැනැත්තා දූෂණයට ලක් වූ වින්දිත දැරියට බැණ වැදී පීඩාවට පත් කර ඇයගේ මවට පහරදීමට උත්සාහ කර ඇති බවත්, දූෂකයින් වෙනුවෙන් පෙනී සිටිමින් වැදගත් දෙමව්පියන්ගේ වැදගත් ළමයින් හිරේ විලංගුවේ දමන්නට උත්සාහ නොකරන ලෙස තර්ජනය කර දැරියගේ කටඋත්තරය තමන්ට අවශ්‍ය ලෙස ලියාගත් බවත් පිළිබඳ පැමිණිල්ලක් ජාතික ළමා ආක්ෂණ අධිකාරියට සහ පොලිසියට ඉදිරිපත් කර තිබිණි.
මේ දොස්තරගේ පීඩාව දරාගත නොහැකිව අවසානයේ දැරිය සිය දිවි නසා ගැනීමට ද උත්සාහ කළ බව එම පැමිණිල්ලේ දැක්විනි. මේ පැමිණිල්ල නිසා උරණ වූ අධිකරණ වෛද්‍යවරයා මෙම පරික්ෂණය ඉදිරියට කළ නොහැකි බව දැන්වීමත් සමග ඉදිරි විමර්ශන කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත් වී ඇත.
වැල්ලවාය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය වරයාද නිවාඩු ලබා ගොස් ඇති නිසා සැකකාර සිසුන් පිරිස තණමල්විල පොලිසය විසින් මොණරාගන මහ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සිසුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධ අනෙකුත් සිසුන් සම්බන්ධයෙන් හා මෙම සිදුවිම නීතියට වසන් කල බව කියන විද්‍යාලයේ විදුහල්පති වරයා හා විනය කමිටුවේ ගුරුවරුන් සම්බන්ධයෙන්ද මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර චෝදනා ඇති සියළුම දෙනා කුමන බළපෑම ආවත් අත්අඩංගුවටගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව අප කල විමසිමකදී තණමල්විල පොලිස් ස්ථානාධිපති වරයා පැවසුවේ.
සිසුවිය සමූහ දූෂණයට ලක් කළ බව කියන සිසුන් 22 දෙදෙනා අතර සිටින එක් සිසුවෙකුගේ පියෙකු තණමල්විල කලාපයේම ගුරු උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් ඇත. ඔහුගේ මව ගුරුවරියකි.
කෙසේ නමුත් සිද්ධීය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරියගේ උපදෙස් පරිදි තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.







