බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඒ මිනිස්සුන්ගේ මූණු දැක්ක ද?… වල්ඩ් කප් දිනුවා වගේ මිත්‍රවරුනි!

by editor
අගෝස්තු 7, 2024
in ක්‍රීඩා
දුනිත් වෙල්ලාලගේ... අමතක නොවන පන්දු යැවීම...

දුනිත් වෙල්ලාලගේ... අමතක නොවන පන්දු යැවීම...

Share on FacebookShare on Twitter

අප ජයග්‍රහණයක් වෙනුවෙන් අසීමිත බලාපොරොත්තු සහිත වූ මිනිස්සුය. ඒ ජයග්‍රහණය යථාර්ථයක් වනවිට උපදින ප්‍රහර්ෂය ඇත්තේ වචනයට නැගිය නොහැකි මානයේ ය.

ඉන්දියාව මේ ලෙස ගුටි කනු ඇතැයි කවුරුත් කල්පනා කළේ නැත. තරගය දිනුම්ය. දැවැන්ත ලෙස දිනුම්ය. ලකුණු 110කින් දිනුම්ය. ලකුනු 248ක ඉලක්කයක් හඹා ගිය විරාට් කෝලි, රෝහිත් ෂර්මා,  ශුබ්මන් ගිල්,  රිෂාබ් පාන්ට්, ශ්‍රෙයාර්ස් අයියර්, අක්සාර් පටෙල් ඇතුළු ඉන්දියානුවෝ පන්දු ඕවර 26.1 දී ක්‍රීඩාගාරයේ ය. සහසුද්දෙන්ම අවුට්ය.

සියල්ලටම වඩා සතුට නම් 1997න් පසු ඉන්දියාවට එරෙහි තරගාවලි ජයග්‍රහණයක උත්කර්ෂය ලැබීමය. සනත්ලාට ,  සංගලාට, මහේලලා ට කරන්න බැරි වුන දේ අසලංකලා කර පෙන්වීම ය. අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයට රැස් වු බොහෝ දෙනා මින් පෙර ඉන්දියාවට එරෙහි තරගාවලි ජයග්‍රහණයක් ඇසූ දුටු උන් නොවේ. ඒ ජයග්‍රහණය අවුරුදු 27ක් පරණය. මේ තරගය ඓතිහාසික එකක් වන්නේ ඒ තරගාවලි ජයග්‍රහණය පූර්ණය කිරීම නිසාය.

හිතේ සිහින් සතුටක් ඇති කරන තවත් කාරණාවක් තිබේ. ශ්‍රී ලංකාව සමග තරග කළ තරග 171කින් පසු තරග 99ක් දිනාගෙන සිය වැනි තරග ජයග්‍රහණය සමග ලෝක වාර්තාවක් තබා රටක් සිය වරක් පැරැද්දූ කණඩායම ලෙස ඉන්දියාවට යන්නට පැමිණි ඉන්දියානුවන් ආපසු යන්නේ හීන කුඩු කරගෙනය. ඔවුන්ට ඒ සඳහා තවත් කාලයක් බලාගෙන ඉන්නට වීම ගැන හිතන විට මරුය.

ක්‍රීඩාගාරය

ඔබ අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂාකාරය දුටුවා නම් මේ හුදු ක්‍රිකට් ජයග්‍රහණයක් පමණක් නොවන බව තේරුම් ගන්නවා ඇත. මොට්ටැකිලිය මෑත් කර අප්‍රමාණ ප්‍රීතියෙන් නර්තනයේ යෙදෙන මුස්ලිම් යුවතියන්,  මොට්ටුව නළලේ තබාගෙන මුහුනේ ශ්‍රි ලංකා කොඩිය සිත්තම් කරගත් දමිළ යෞවනියන්, ආනන්දයෙන් මුසපත් වූ ක්‍රීඩා ලෝලී සහෘදයින් අතර සිත්තම් කළ වර්ණය සැබෑ ශ්‍රී ලාංකේය විචිත්‍රත්වය බව විශ්වාස කරමි.

මේ ක්‍රීඩාගාරය තුළත් තම තමන්ගේ රූපවාහිනී තිර සහ ගුවන් විදුලි විස්තර ප්‍රචාර අභියසත් අද ආනන්දයෙන් මුසපත් වූ මේ රටේ මිනිස්සු අනායාසයෙන් රූපණය කළ දෙයක් තිබේ. මූලික සිද්ධාන්ත නිවැරදිව ප්‍රායෝගික කර ස්වකීය වගකීම් ඒ බරෙන් ඉටු කරන විනයක් සහිත කණ්ඩායමක් ලබා ගන්නා එක් ජයග්‍රහණයක් වුවද ජාතියක් එකමුතු කර නිශ්චිත දිශානතියකට යොමු කළ හැකි බවය.

මෙතෙක් කල් බිඳ වැටී කුසීතව අපේක්ෂා භංගත්වයට පත් වී එකිනෙකා බැණ වදිමින් සිටි ක්‍රීඩා ලෝලීන් ජයග්‍රාහී උන්මාදයෙන් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ යෙදෙන ප්‍රීතිමත් රංගනය දකිනවිට කල්පනා වන්නේ මේ රටේ සමස්ථ මානුෂීය හැඟීම්වල සංක්ෂිප්තය නොවේදැයි සිතමි.

තරගාවලිය

තරගාවලියේ මුල් තරගය පැවැත්වූයේ අගෝස්තු 02 දා ය. මුලින්ම නිමා වන්නේ ලකුණු සම වීමෙනි. ලකුණු 230ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු කණ්ඩායම ලකුණු 230කට සියල්ලෝ දැවි ගියහ.

මුල් තරගයට ක්‍රීඩා කරන විටි කණ්ඩායමේ අංක 1, අංක 2, සහ අංක 3 වේග පන්දු යවන්නන් ආබාධයකට ලක්ව සිටියෙය. දෙවැනි තරගයට එන විට අංක 1 දඟ පන්දු යවන්නා ද ආබාධිතව කණ්ඩායමෙන් එළියේ ය. එහෙත් දෙවැනි තරගය අප අති විශිෂ්ට ලෙස දිනුම්ය. ලකුණු 32කින් දිනුම්ය. මේ දිනුම ලබන්නේ අවුරුදු 3ක් තිස්සේ ඉන්දියාව හමුවේ එක් දිගට අත් විඳි පරාජයන් වැලක අමිහිරි වේදනාව තුරන් කරමිනි. ඒ ජයග්‍රහණය ලබන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ 2021 ජූලි 21 වැනිදා ලබාගත් ජයග්‍රහයට පසුවය.

අද තරගය කිසිවෙක් බලාපොරොත්තු නොවුන ආකාරයේ විශාල ජයග්‍රහණයක් තරගාවලි ජයග්‍රහණයක් සමගම අත් කරගෙනය. මේ තරගාවලිය ගැන එක් කාරණාවක් කිව යුතුව ඇත. වාසනාවත් තිබුණේ අපේ පැත්තේය. තරග තුනේම කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා නායකයා ය. ඒ හේතුවෙන් මුලින් පිතිකරණය තේරීමේ අවස්ථාව ලැබිණි. රෑ විදුලි ආලෝකය මධ්‍යයේ මාළු කපන්නාක් සේ කැපෙන පන්දු ඉදිරියේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයින්ට දඟ කැවෙන්නට වූ අවදානම නොගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි විය.

අද තරගය

තුන්වැනි තරගය අද ය. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණඩායම ය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවට පහරදීම තේරූහ. ඒ තේරීමේ විපුල ඵල ශ්‍රී ලංකා පිලට ලැබිණි. ආරම්භක පිතකරු යුවල ලෙස පැමිණි පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු කදිම ආරම්භයක් සහිත ශක්තිමත් පදනමක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ගොඩනැගුවේය. මුල් කඩුල්ල බිදී යන්නේ ලකුණු 81 දී ය. පන්දු 65ක දී හතරේ පහර 05ක් සහ හයේ පහර 2ක් සමග සමග ලකුණු 45ක් ලබා සිටි පැතුම් නිශ්ශංක කඩුළු රකින රිෂාබ් පාන්ට් අතට උඩ පන්දුවක් දී අක්සාර් පටෙල් ගේ පන්දුවකට දැවී යන්නේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

අවිශ්ක ලකුණු 96යි…

අනතුරුව කුසල් මෙන්ඩිස් එක් වන්නේ අවිශ්ක ප්‍රනාන්දු සමගය. කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු අතර ලකුණු 82ක විචිත්‍ර සම්බන්ධයක් ගොඩනැගිනි. ප්‍රහාරක වගකීම ගත්තේ අවිශ්කය. කුසල් මෙන්ඩිස් හැකි සෑම අවස්ථාවකම අවිශ්කට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය. අවිශ්ක මේ තරගයේ අතිශයම වටිනා ඉනිම ක්‍රීඩා කළේය. ශතකය පෙනි පෙනී රියාන් පරාග් ගේ පන්දුවකට කඩුල්ල මුවා කළ වරදට හසුව දැවී යනවිට අවිශ්ක ලකුණු 96ක් ලබාගෙන සිටියේය. ඊට හතරේ පහර 09ක් සහ හයේ පහර 2ක් ඇතුළත්ව තිබිණි. ඔහු මුහුණ දුන්නේ පන්දු 102කට පමණි. දෙවැනි කඩුල්ල ලෙස අවිශ්ක දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171ක් රැස් කරගෙන තිබිණි. ඒ පන්දු 35.3ක් තුළය.

ඒ පදනම අඩුම තරමින් ලකුණු 270කට ඉහළ ලකුණක් පෙන්වූයේය. එහෙත් යළිත් වරක් මැද පෙළ බිඳ වැටෙන අයුරු දුටුවෙමු. ලකුණු 28ක් තුළ කඩුළු 05ක් බිඳ වැටිනි. කුසල් එක් අන්තයක බලාගෙන සිටියේය. අනෙක් අන්තයෙන් එනවාට වඩා වැඩි වේගයෙන් පිතිකරුවෝ ක්‍රීඩාගාරයට ගියහ. අසලංක 10කි. සධීර සමරවික්‍රම පළමු පන්දුවෙන්ම දැවී ගියේය. ලකුණු නැත. ජනිත් ලියනගේ වොෂින්ටන් සුන්දරගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටී ලකුණු 08කට ඉනිම නිමා කළේය. පසුගිය තරග දෙකම අද දුන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 2කි. රියාන් පරාග් ගේ පන්දුවකට කඩුල්ල කුඩු වී ගියේ ඔහු මුහුණ දුන් තුන්වැනි පන්දුවේ දී ය. ලකුණු 199ක් වනවට කඩුළු 06ක් දැවී ගොස් තිබිණි. පන්දු 39ක් ඉතිරි වී තිබිණි.

මේ අවස්ථාවේ දී ක් වූ කමිඳු මෙන්ඩිස් නොදැවී ලබා ගත් ලකුණු 23 අතිශයින්ම කැපී පෙනුනේ ඔහු දැවී ගියා නම් කුසල් මෙන්ඩස්ට කළ හැකි දෙයක් ඉතිරි නොවන බැවිනි. පන්දු 19ක් තුළ කමිඳු මේ ලකුණු 23 ලැබුවේය. කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් 7වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.

අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණෙන කුසල් මෙන්ඩිස් කලකට පසු අද වගකීම් සහිත ප්‍රදර්ශනාත්මක ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහු එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් තරගයේ අවසන් පන්දු 8 වනතුරු නොදැවී ක්‍රීඩා කළේය. මෙන්ඩිස් ලකුණු 59ක් ලැබුවේ ය. ඔහු දැවී යන්නේ හයේ පහරක් වූ පහරක් ශුබ්මන් ගිල්ගේ විශිෂ්ඨ පන්දු රැකීම ඉදිරියේ උඩ පන්දුවක් බවට පත් වීමෙනි. කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 59ට එක් වී තිබුණේ 4 පහර හතරකි. ඉන්දියාවට ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි විය.

කාලෙකට පසු කුසල්ගෙන් වගකීම් සහිත පිතිකරණයක්…

ඉන්දියාව වෙනුවෙන් රියාන් පරාබ් ලකුණු 54ට කඩුළු 3ක්, මොහොමඩ් ශිරාජ්, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, කුල්දීප් යාදේව්, එක් කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණෙන්නේ රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් ය. මුල්ම කඩුල්ල ලෙස ශුබ්මන් ගිල් දවා ගන්නේ අසිත ප්‍රනාන්දුය. ඔහු දැවී යනවිට ඉන්දියාවේ ලකුණු ගණන ලකුණු 37කි. ගිල් ලබා ගන්නේ ලකුණු 06ක් පමණි. අනතුරුව පිටියට පිවිසෙන කෝලි සමග රෝහිත ෂර්මා දීර්ඝ සම්බන්ධතාවයක් ගොඩනගන්නේ නැත. දුනිත් වෙල්ලාලගෙ යැවූ පන්දුවක් හමුවේ මුලුමනින් පරාද වන රෝහිත් ෂර්මා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දී දැවී යන්නේය.

එතැන් සිට තරගයේ සිදුවූයේ ලෝක ක්‍රිකට් ලෝලින් මවිත කරන ක්‍රීඩාවකි. එක දිගට ඉන්දියානු කණ්ඩායම බිඳ වැටුනේය. රිෂාබ් පාන්ට් ලකුණු 06කි. ශ්‍රෙයාස් අයියර් ලකුණු 08කි. අක්සාර් පටෙල් ලකුණු 02කි. ශිවම් ඩුබේ ලකුණු ලකුණු 09කි. කුල්දීප් යාදේව් ලකුණු 06කි.

විරාට් කොලි ලකුණු 20ක් ලැබුවේය. මැද පෙළ පිතිකරු වොෂ්නටන් සුන්දර් ලකුණු 30ක් ලබමින් හුදකලා සටනක යෙදෙන්නට උත්සාහ කළේය. ඒත් පලක් නැත. ඉන්දියානු කණ්ඩායම ලකුනු 138කි. විසි හත්වන ඕවරයේ පළමු පන්දුවේ දීම ඉන්දියානු ඉනිම නිමය.

ගිය වර ඉන්දියානු පිතිකරුවන් නන්නත්තාර කළේ කාලෙකින් කණ්ඩායමට පැමිණි ජෙෆ්රි වැන්ඩර්සේ ය. අද තරගයේ කෝලි, ෂර්මා ඇතුළු පිතිකරණ බලඇණිය පොඩි ළදරුවන් කොට දවාලූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පොඩි කොල්ලා දුනිත් වෙල්ලාලගේ ය. වෙල්ලාලගේ යැව්වේ පන්දු ඕවර 5.1ක් පමණි. ඔහු ලකුණු 27කට කඩුළු 05ක් ලබාගෙන ය. මහීෂ් තීක්ෂන ලකුණු 45ට කඩුළු 02ක්, ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 34කට කඩුළු 2ක්, අසිත ප්‍රනාන්දු පන්දු 29කට කඩුල්ලක් ලැබුවේය. ඉන්දියාව ලකුණු 110කින් පරාද ය.

සනා 

මේ විශිෂ්ට ජයග්‍රහණයත් සමග මෙම තරගාවලියේ දි අප නිරීක්ෂණය කළ දෙයක් තිබිණි. එනම් අහිකුණ්ඨිකයන් සේ සිටි ක්‍රීඩකයින්ගේ කරාබු ගලවා, වර්ණ ගන්වා තිබු කොණ්ඩය කපා කාලයකට පසු වැදගත් පෙනුමක් සහිතව පිට්ටනියට දමා තිබීම ය. එය රටක් ලෙස අප ලැබූ වැදගත් ජයග්‍රහණයක් ය. විදේශීය පුහුණුකරුවන් ආගන්තුක භාෂාවෙන් හිත නොරිදවා කියන දේට වඩා සනා කුනුහරපයෙන් දෙකක් කී විට අපේ උන්ට තේරෙන්නේය. මද කිපුණු කුළු මීමන් පිරිසක් පාලනය කිරිමට කැලේ ගැන දන්නා ගොපල්ලෙක් අවශ්‍ය ය. හදන්නට තිබුණේ විනය සහ මානසිකත්වය මිස හැකියාවන් නොවන බව දැන් කණ්ඩායම පෙන්වා ඇත.

එමෙන්ම ෆේල් වෙද්දිත් කණ්ඩායමේ කොන්ක්‍රීට් කර තබා ගනිමින් පොරවල් කළ උන් එළියට ගිය පසු සතත අභ්‍යාසයෙන් යුතුව ස්වකීය ස්ථානය අපේක්ෂාවෙන් එළීයට වී උපේක්ෂා සහගතව ඉන්නා ක්‍රීඩකයින් පෙන්වන හැකියාව ක්‍රීඩා ලෝලීන් ලෙස අපව මවිත කර ඇත. ලෝකයේ නොම්බර එක වුවද තමන්ගේ අසනීප සියල්ල සුව කරගෙන යළි කණ්ඩායමට පැමිණෙන තුරු වනිඳු හසරංගට සෑහෙන විවේකයක් ලබා දිය හැකි බව දැන් කණ්ඩායම පෙන්නුම් කර තිබේ.

අවසාන වශයෙන් මේ ටිකත් යළි ලියා තැබිය යුතුය.

ගිලිහුන ජයග්‍රහණයේ මානසිකත්වය සහ ආත්ම විශ්වාසය යළි ගොඩනැගෙන විට බොහෝ දේ ලබා ගැනීම සදහා ප්‍රවේශය විවර වෙන්නේ ය. අවශ්‍ය ඒ හැඟීමය. ඉන් උපදිනා  එකම එක ජයග්‍රහණයක්,  දැනෙන සුළු අවංක ජයග්‍රහණයක්, ඒ වෙනුවෙන් කැපවන විනය ගරුක කණ්ඩායමක් විසින් උපයා දෙන ජයග්‍රහණයක් පමණක් මේ රට ගමන් කරනා දිශානතිය වෙනස් කරනු ඇත.

ඒ චමත්කාරය අද මේ මිනිස්සුන්ගේ මුහුණුවල පිරෙන සිනාවෙන් තේරුම් ගත හැකි නම් මේ රට ලස්සන තැනක් වනු ඇත.




Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රෙටල් 92ක රටට ගෙනත් තියෙන්නේ රුපියල් 195කට… ඩීසල් රුපියල් 200කට… අපිට ගහන බද්දේ තරම!

Next Post

අධිකරණ ඇමති ධූරය ජනපති තමන් ලඟම තියා ගනී!

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.