මීට සුලු මොහොතකට පෙර ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීම සඳහා පත් කර තිබේ.
අද ( 01) ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වීමෙන් පසු පොලිසිය අභ්‍යන්තරයේ ඇති වී තිබෙන තත්ත්වය පිලිබඳ දීර්ඝ වශයෙන් කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම පත්වීම සිදු කරන්නේ දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන – නිලන්ත ජයවර්ධන විමර්ශන කටයුතු නිමවී නැවත පැමිණෙන තුරු හෝ
ජාතික පොලිස් කොමිෂන් කොමිෂන් සභාව නැවත දැනුම් දෙන තුරුය.
දැනට ශ්‍රි ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨම නිලධාරියා ලලිත් පතිනායක ය.








