ශ්‍රියානි විජේසිංහ –
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන මොහොතකදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ රජය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩ සටහන්වල ප්‍රගතිය සොයා බලා වාර්තාවක් සකස් කර නිරීක්ෂණ චාරිකාවන්ට පැමිණෙන ආණ්ඩුකාරවරයාට එම වාර්තාව ඉදිරිපත් කරන ලෙස දිස්ත්‍රික්ක ලේකම්වරයා ග්‍රාම නිලධාරීන්ගෙන් කර ඇති ඉල්ලීම පිලිබඳව වහාම සොයා බලන්නැයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය මැතිවරණ කොමිසමට දැනුම් දී සිටියි.
ග්‍රාම නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත්තේ ඔවුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වන පසුබිමක් තුළ හා එම ක්‍රියාමාර්ගයේ දේශපාලනඥයින් සහභාගිවන කිසිදු රැස්වීමකට , පෙළපාළියකට ග්‍රාම නිලධාරීන් සහභාගි නොවන බවට තීරණය කර තිබෙන පසුබිමක බැවින් මේ සම්බන්ධයෙන් වහාම සොයා බපලන්නැයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක මැතිවරණ කොමිසමට දැනුම් දී සිිටියි.
බලයේ සිටින දේශපාලන පක්ෂවලට වාසි සහගත මෙම සිදුවීම රටපුරා ආණ්ඩුකාරවරුන්ගේ මැදිහත් වීම මත ඉදිරියට සිදුවිය හැකි බැවින් මෙය මේ මොහොතේම නතර කිරීමට කටයුතු කළ යුතු බව සමස්ථ ග්‍රාම නිලධාරී වරුන්ගේ සංගමය යෝජනා කරයි.
දිස්ත්‍රික් ලේකම්වරයා හරහා ග්‍රාම නිලධාරීන්ට යොමු කර ඇති ලිපිය පහත දැක්වේ.








