බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

පුරුදු ගේම් ගහන්න බෑ… ඉතිහාසයේ මුල්ම වරට යූ.එන්.පී නායකයාට ස්වාධීන අපේක්ෂකයෙක් වෙන්න සිද්ධ වෙලා… අනුර සිදුවි ඇති වෙනස ගැන කියයි!

by editor
ජූලි 29, 2024
in දේශපාලන
Share on FacebookShare on Twitter

මැතිවරණ ඉතිහාසයටම මුල් වරට, එක්සත් ජාතික පක්ෂ නායකයාට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්නට සිදුවී ඇති තරම් පරිවර්තනයක් සමාජ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇති වී තිබෙන බවත්, පාලක පංතියට තවදුරටත් සුපුරුදු ආකාරයෙන් තමන්ගේ පාලන බලය පවත්වාගෙන යාමට නොහැකිවීම ඉන් ප්‍රකාශිත බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික හෙද සමුළුව අමතමිනි.

දැන් සිදුවිය යුතු දේශපාලන පරිවර්තනයට අවශ්‍ය සියලු කොන්දේසි සැපිරී ඇති බව කී ජාතික ජන බලවේගයේ නායකයා මිනී මරා මරණීය දණ්ඩනය නියමවූවන් පාර්ලිමේන්තුවේ ඇමතිකම් කිරීමට ඉඩ සලසමින් ක්‍රියාත්මකවන නීතියේ අසමානාත්වය වෙනස් කර නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන වන විනය ගරුක රටක්, මානව සම්පත දැවැන්තම සම්පතක් කරගත්  වෘත්තීය වේදීන්ට ගෞරවණීය පරිසරයක් උදා කරදෙන රටක්, ලෝකයේ තාක්ෂණික අවකාශයේ අපේ පංගුව තහවුරු කරගෙන ගොඩනැගෙන දියුණු ආර්ථිකයක් සහිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස ජනතාවට ආරාධනා කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජනාධිපතිවරණය ඡන්දය සඳහා දින ප්‍රකාශ කළාට පසුව පවත්වන පළමු සමුළුව තමයි සමස්ත ලංකා හෙද සංගමයේ සමුළුව. ඔබ අපට විශාල විශ්වාසයක්, ධෛර්යයක්, ජයග්‍රහණය පිළිබඳව සහතිකයක් ලබාදී තිබෙනවා.

අපි පොදුවේ හැමෝම සෑම අතින්ම ලෙඩ වෙලා ඉන්නේ. අපේ ආර්ථිකය සෑම පැත්තකින්ම ලෙඩවෙලා. අපේ ආර්ථිකය සුවදායී තත්වයක තිබෙනවාද? ආර්ථිකයේ කඩා වැටීම සෑම ක්ෂේත්‍රයකටම ගලාගෙන යමින් තිබෙනවා. ආර්ථිකය පමණක් නොවෙයි ජාතියත් අද ලෙඩ ජාතියක් බවට පත්වෙලා තිබෙනවා.

ගිය වසරේ ලංකාවේ මරණවලින් එක්ලක්ෂ තිස්හත්දාහක් නැතිනම් මරණවලින් 80%ක් සිදුවී තිබෙන්නේ බෝ නොවෙන රෝගවලින්. අවුරුදු 35ට වඩා අඩු අයගෙන් 15%ක් දියවැඩියා රෝගයෙන්ද, 35%කට ආසන්න ප්‍රමාණයක් හෘද රෝගවලින්ද පෙළෙනවා. ඒ කියන්නේ අපේ රටේ ජාතිය ලෙඩ වී තිබෙනවා. තරුණ පරම්පරාව ලෙඩ වී තිබෙනවා. සෑම අතින්ම ලෙඩ වූ රටක්, ලෙඩ වූ ජාතියක්, ලෙඩ වූ ආර්ථිකයක් තිබෙන්නේ. මේ ලෙඩ සුවපත් කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ විවිධ අත්හදා බැලීම්, කරමින් අපේ රටේ ජනතාව ප්‍රයත්න දරා තිබෙනවා.

අවුරුදු 76ක් මේ රට පත්වෙලා තිබුණු ලෙඩට බෙහෙත් හැටියට තෝරා ගෙන තිබෙන්නේ කෙහෙලියගේ බෙහෙත්. සුව වෙනවා වෙනුවට ලෙඩේ වර්ධනය වෙන බෙහෙත්. ඇසේ යම් පෙනීමේ දෝෂයක් තිබෙනවා නම්, ඒකට බෙහෙතක් ඇතුල් කළාට පසුව ඔහු පූර්ණ අන්ධභාවයට පත්වෙනවා. කෙහෙලියගේ බෙහෙත්. මේ රට ගොඩගැනීම සඳහා නව ඖෂධයක් අපේ රටට අවශ්‍යයි. ඔබ දන්නවා එකම බෙහෙත දීර්ඝ කාලයක් ලබාදීමෙන් ලෙඩේ සුව වෙන්නේ නැහැ. එය ලෙඩේ බෙහෙතට පත්තියන් වෙනවා. අපේ රටේ ලෙඩේටත් බෙහෙත් පත්තියන් වෙලා තිබෙන්නේ. ඒ නිසා අලුත් දිසාවකට රට පරිවර්තනය කළ යුතුමයි. අපි ඔබට ආරාධනා කරන්න ආවේ මේ මාවත වෙනස් කරමු කියන යෝජනාව කරන්න.

අපිට හොඳ ඖෂධ තිබුණාට නරක ඖෂධ තෝරා ගැනීමට සිදුවුණේ ඇයි? ඒක තමයි ඒ මොහොතේ තත්වය. අපට කැමැත්ත තිබුණත්, කොයිතරම් වුවමනාව තිබුණත් එවැනි ජයග්‍රහණයක් සඳහා අවශ්‍ය සමාජ වටපිටාවක් නිර්මාණය වී තිබුණේ නැහැ. අපේ කැමැත්තට මෙවැනි පෙරළි සිදුවන්නේ නැහැ.

සමාජ පෙරළියක් සඳහා උඩින් අර්බුදයයි, යටින් අර්බුදයයි දෙකම මෝරන්න ඕනෑ. උඩින් අර්බුදය කියන්නේ පාලක පංතියට තවදුරටත් සුපුරුදු ආකාරයෙන් තමන්ගේ පාලන බලය පවත්වාගෙන යාමට නොහැකිවීම. මැතිවරණ ඉතිහාසයටම අද වෙනකොට, එක්සත් ජාතික පක්ෂය ඡන්ද පත්‍රිකාවෙත් නැහැ, එක්සත් ජාතික පක්ෂ නායකයාට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙනවා. යටින් මතුවෙන අර්බුදය නම්, ජනතාවට සුපුරුදු ආකාරයෙන් තමන්ගේ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වීමයි. ඔවුන්ට සුපුරුදු ආකාරයෙන් ආහාර ටික, බෙහෙත් ටික සපයාගන්න, දරුවාට අධ්‍යාපනයක් ලබා දෙන්න නොහැකි වී තිබෙනවා. ඒ කියන්නේ සමාජ පෙරළියකට, යුග පරිවර්තනයකට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තිබෙනවා.

ඒ වටපිටාව ඉතා හොඳින් කළමනාකරණය කරලා, අපි අතට බලය ගන්න පුළුවන්ද, බැරිද කියන ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා. මේ ලෙඩ වුණු ජාතිය, මේ ලෙඩ වුණු රට අපි මුදා ගන්න ඕනෑ. ඒ සඳහා අපි කළ යුත්තේ මොකක්ද? මේ තරම් දුක්ඛදායක තත්වයකට හෙළුවේ, අපේ ආර්ථිකය ලෙඩ ඇඳට තල්ලු කළේ, අපේ රාජ්‍යය අපරාධ, මත්ද්‍රව්‍යවලින් ගහන වූ රාජ්‍යයක් වූයේ, නීතියේ ආධිපත්‍යය කඩා වැටුණු රාජ්‍යයක් වුණේ, ආර්ථිකය කඩා වැටුණේ, වෛරසයක් ඇතුළු වීම නිසයි.

අපේ දේශපාලනය මත පැතිරුණු දේශපාලන විනාශකාරී වෛරසයක් තිබෙනවා. වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ, නීතියට වඩා උඩින් ඉන්න එක වැනි කරුණුවලින් පිරුණු දේශපාලන වෛරසයක් තිබෙනවා. මේ දේශපාලන වෛරසයට නිට්ටාවට සුව කළ හැකි බෙහෙතක් ලබාදෙන්න ඕනෑ. ඒ වගේම ආර්ථික ක්ෂේත්‍රයේ පැතිරුණු වෛරසයක් තිබෙනවා. ණය ගැනීම, විකිණීම, දැක්මක් සහිතව ආර්ථිකය මෙහෙයවීමට අසමත් වීම මේවායේ ප්‍රතිඵල විසින් ආර්ථිකය ලෙඩ වෙලා තිබෙනවා. මේ දෙකටම නිට්ටාවටම සුව කළ හැකි බෙහෙතක් අපි ලබාදිය යුතුයි.

තමන් අතට ලැබෙන බලය, ධනය එක්රැස් කිරීමේ එකම පරමාර්ථයක් බවට පත්කර ගත් සංස්කෘතිය වෙනස් කළ යුතුයි. මේ දේශපාලන සංස්කෘතිය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් ඇති කර දේශපාලන ක්ෂේත්‍රය නිට්ටාවටම සුව කරන බවට අපි ඔබට සහතික වෙනවා.

නීතිය ඉදිරියේ හැමෝම සමාන නම් පුරවැසියෙක් ඝාතනය කරලා එල්ලුම් ගසට නියම වූ කෙනෙක් පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුරයක් දරන්න බැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය දරන්න බැහැ. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියකුත් දුප්පත්, දුබල කෙනාට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. ජාතික ජන බලවේගයේ අපි නීතිය ඉදිරියේ උඩින් ඉන්න අය නොවෙයි, අපි නීතිය ඉදිරියේ හැමෝම සමානයි.

ඒ වගේම අප ඉදිරියේ තිබෙන්නේ, බෙදුණු රටක්, ගැටුම් ඇති වුණු රටක්. ඒ වෙනුවට, ලංකාව තුළ ජාතික සමගියේ රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි. එය දේශපාලන කාර්යයක්. ජාතික ජන බලවේගය ඒ කාර්යය කරනවා. දේශපාලන බලය හසුරුවන කේන්ද්‍රස්ථානයක් තමයි පාර්ලිමේන්තුව. නීති සහ සම්ප්‍රදායන් තම අරමුණු වෙනුවෙන් යොදා ගන්නා කථානායකවරයෙක්. අසැබි වචන කියමින් විනෝද වෙන, ළමා මනසක් සහිත පාර්ලිමේන්තුවක්. අපි මේ මඩ ගොහොරුව පිරිසිදු කරනවා. පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙන, ආචාරධර්ම පද්ධතියකට යටත් වෙන ලෙස නීති සම්පාදනය කරනවා.

අපේ ආර්ථිකයේ අපට පේන්නේ රෝගයේ ලක්ෂණ. රෝහලේ බෙහෙත් නැහැ, අවශ්‍ය කාර්ය මණ්ඩලය නැහැ. වෘත්තියවේදීන් රට අත්හැර යනවා මේ අපට ලෙඩේ පේන විදිහ. රෝග නිධානය තමයි ලෝකයේ ඇතිවන නව තත්වයන්ට අනුරූප වන පරිදි අවශ්‍ය වෙන ආර්ථික වෙනස්කම් අපි කරන්න අසමත් වුණු ජාතිකයක්.

රෝග නිධානයේ තිබෙන්නේ ලෝකයේ ඇති වූ නව වෙනස්කම්වලට අනුරූපී වන පරිදි අපේ ආර්ථිකය පෙළගැස්වීමට අසමත් වීමයි. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි ලෝකයේ ඇතිවන නව පරිවර්තනයන් හොඳින් උකහාගෙන, දියුණු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයකින් ලෝකයේ වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීම සඳහා සැලසුමක් හදා තිබෙනවා. අපට ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය විශේෂම දේ තමයි පර්යේෂණ සහ සංවර්ධන අංශය දියුණු කිරීම. ලෝකය ඉස්සරහට පාලනය කරන්නේ තාක්ෂණයේ විශාලතම හිමිකාරයායි. ලෝකය එක කාලයක් පාලනය කළා, වැඩිම නාවික බලය තිබෙන කෙනා. යුද බලය තිබෙන කෙනා. තව කාලයක් පාලනය කළා වැඩිම මූල්‍ය බලය තිබෙන කෙනා. අද ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණය හිමිකරුවා.

මෙහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? පුරවැසියාට හොඳ ජීවිතයක් ලබාදීමයි. සෑම පුරවැසියාටම දැනුමක් සහිත අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් සහිත සෞඛ්‍යය, මානසික නිදහස, කලාව හා සාහිත්‍යය, ඔරොත්තු දිය හැකි ශක්තියක් හැදෙන ක්‍රීඩාවෙන් යුත් අපි නව මිනිස් පරම්පරාවක් හදන්න ඕනෑ. ඒ වගේම ඕනෑම වෘත්තියක නියැලෙන කෙනෙකුට, තමන් කරන වෘත්තියට නිසි වටිනාකම ලබාදෙමින්, වෘත්තිකයාට අලුත් ජීවිතයක් ලබාදෙමින් භුක්ති විඳින්න ඉඩකඩ ලබාදෙනවා.

අපේ රටේ විශාල පිරිසක් මානසික ආතතියෙන් පෙළෙනවා. රටක් ඉදිරියට ගෙනයාම සඳහා වෘත්තියවේදීන් අවශ්‍යයි. ඒ අයගේ අධ්‍යාපන තලය තවදුරටත් ඉස්සරහට ගේන්න ඕනෑ. ලෝකයේ අධ්‍යාපනයේ ඉහළම තලයක තිබූ ප්‍රාථමික උපාධිය, අද සාමාන්‍ය අධ්‍යාපන මට්ටම බවට පත්වෙලා තිබෙනවා. අද අධ්‍යාපනයේ ඉහළම තලයක තිබෙන්නේ පශ්චාත් උපාධියයි. අලුත් පර්යේෂණ සිදුවෙන්නේ පශ්චාත් උපාධිය තුළයි. ප්‍රාථමික උපාධිය කියන්නේ මූලික මූලධර්ම. ඒ මූලධර්ම භාවිතාවට නගනකොට අලුත් දිශානතියකට යොමු කරන්නේ පශ්චාත් උපාධි මට්ටමෙන්.

අපේ රටේ අධ්‍යාපන තලය ප්‍රාථමික උපාධියේ සිට පශ්චාත් උපාධිය දක්වා වර්ධනය කරන්න ඕනෑ. හෙද සේවයට ප්‍රාථමික උපාධියවත් නැති තත්වය තුළ අපි එතනින් ඔබ්බට උසස් අධ්‍යාපනයට යොමු කරන නව හෙද සේවාවක් ආරම්භ කරනවා. ලෝකය ඉස්සරහට ගමන් කරමින් තිබෙන්නේ නව සොයා ගැනීම් මතයි. ඒවා සියල්ල සිදුවෙන්නේ පශ්චාත් උපාධි ආයතනයන් තුළයි. එහෙම නැතිව ප්‍රාථමික උපාධිය තුළ අලුත් දේ සිදුවෙන්නේ නැහැ. අපේ රටේ පූර්ණකාලීන පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයක් නැහැ. ජාතික ජන බලවේගයේ අපි මේ අධ්‍යාපන තලය තව ඉහළ මට්ටමකට ගෙන යන්න නම් පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන පිහිටුවිය යුතු යැයි අපේක්ෂා කරනවා. අපි ඒ සඳහා අවධානය යොමුකොට තිබෙනවා.

ඒ වගේම අපේ ආර්ථිකය ගොඩනැගීමේදී අපි විශාල වාණිජ සම්පත් අපට නැහැ. නමුත් අපට පුනර්ජනනීය බලශක්තියේ විශාල විභවයක් තිබෙනවා. සංඛ්‍යා දත්තවලින් පෙන්වනවා 2030 වෙනවිට ලෝකයේ තෙල් සඳහා තිබෙන ඉල්ලුම උපරිමයට යනවා. 2030න් පස්සේ ඒ ඉල්ලුම අඩුවෙන්න පටන් ගන්නවා. 2050 වෙන විට ලෝකයේ බලශක්ති සැපයුමෙන් 65%ක් 85%ක් සපයන්නේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයයි. එතන අපට විභවතාවයක් තිබෙනවා. අපේ රටේ පිහිටීම, සම්පත් පිළිබඳව සැලකිලිමත් ආර්ථික සැලැස්මක් තිබිය යුතුයි.

ඒ වගේම අපිට විශාල ජන ඝනත්වයක් තිබෙනවා. වර්ග කිලෝමීරටයක් තුළ ආසන්න වශයෙන් 343ක් ඉන්නවා. අපේ මානව සම්පත රටේ සම්පතක් බවට පරිවර්තනය කර ගත යුතු වෙනවා. ලෝකයේ වෙළඳපොළවල් දෙකක් තිබෙනවා. එකක් භාණ්ඩ වෙළඳපොළ. දෙක ශ්‍රම වෙළඳපොළ. අපි ලෝකයේ ශ්‍රම වෙළඳපොළෙන් අත්පත් කරගෙන තිබෙන්නේ අතිශය ප්‍රාථමික ශ්‍රම වෙළඳපොළක්. 2017දී 303,000ක් විදේශ රැකියා සඳහා ගොස් තිබෙන නමුත් වෘත්තීමය රැකියාවන් සඳහා ගොස් තිබෙන්නේ 6000ක් පමණයි. අපි ලෝකයේ ඉස්සරහට යන්න නම්, දියුණු ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්න ඕනෑ. එතනදි හෙද ක්ෂේත්‍රය ලෝකයේ දියුණුම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගත හැකි ක්ෂේත්‍රයක්. ඒක අපේ ආර්ථික වර්ධනයේ මාවතක් හැටියට තීරණය කර තිබෙනවා.

වෘත්තියවේදීන්ගේ වරප්‍රසාද, රැකියාවල සුරක්ෂිතභාවය ගැන කල්පනා කරන්න ඕනෑ. අද ලෝකයේ හෙදියන් හා හෙදවරු 10,000කට 37ක් ඉන්නවා. ලංකාවේ ඉන්නේ 10,000කට 17යි. තව අපි ඉදිරියට යා යුතුව තිබෙනවා. දැනට 32,000ක් විතර වැඩ කරනවා. පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා.

අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු සියල්ල පුරවන්නත් නව කාඩර් එකක් නිර්මාණය කරන්නත් කටයුතු කරනවා. අලුත් තත්වයන්ට ගැලපෙන පරිදි කාඩර් එකේ ගැලපීමක් කරන්න ඕනෑ. ඕනෑම වෘත්තියක නියැලෙන කෙනෙකුට වෘත්තියේ තෘප්තිමත්භාවයක් තිබෙන්න ඕනෑ. එකක් නීතිමය ලෙසත්, අනෙක වැඩ කිරීම ලෙසත් වෙන්න ඕනෑ. නීතිමය තෘප්තිමත්භාවය ලැබෙන්නේ සේවා ව්‍යවස්ථාවෙන්. අපි ඔබත් සමග සාකච්ඡා කර, සේවා ව්‍යවස්ථාවේ ඇති ගැටලු නිරාකරණය කරනවා.

ලැබෙන වැටුප තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් විය යුතුයි. 2021 වැටුප සමග සංසන්දනය කරන විට අද වැටුප 30%කින් අඩුවෙලා තිබෙනවා. වැඩිවෙන ජීවන අංකයට අනුව වැටුප් ගැලැප්පීමක් කළ යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේදි අපි ඒක ඉටු කරනවා. වෛද්‍ය සේවය හෝ හෙද සේවය තිබූ පමණින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සාර්ථක වෙන්නේ නැහැ. අනෙක් සෑම ක්ෂේත්‍රයකටම වඩා සෞඛ්‍යය ක්ෂේත්‍රය සාමූහිකත්වය ඉල්ලා සිටිනවා. සෑම ක්ෂේත්‍රයකම නියැළී සිටින වෘත්තිකයන්ට පැවරී තිබෙන්නේ ජනතාව සුවපත් කිරීමේ කටයුත්තයි. අපේ රට සුවපත් ජාතියක් බවට පත් කිරීම සඳහා සාමූහිකව එක්ව වැඩ කරමු.

ඉතිහාසයේ රටට වැරදුණු තැන් තිබෙනවා. ඒ වැරදුණු තැන් හොඳින් අධ්‍යයනය කරලා, වෙනස් කළ යුතු තැන් ඉතා වේගයෙන් වෙනස් කරලා මේ රට නව පරිවර්තනයකට යොමු කරමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතුවෙමු

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති කියන්නෙ පට්ටපල් බොරු… ජී.එල් කියයි.

Next Post

ආපු අයට ස්තුතියි… ඔබත් අප සමග එක්වන්න… ෆේස් බුක් සටහනක් තබමින් ජනපති මන්ත්‍රීවරුන් අමතයි!

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.