-
අගමැති ලෙස පාර්ලිමේන්තුව තුළ අද කළ කතාව පුලුවන්නම් එළියට ඇවිත් කරන්න… දේශබන්දු… ඔයා පොලිස්පති විදිහට එක අත්සනක් ගහලා පෙන්වන්න… ඊට පස්සේ වෙන දේ බලාගනිමු….
අද පාර්ලිමේන්තුවේ දී කළ කතාව හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධනට අභියෝග කරන බවත්, පුලුවන් නම් පොලිස්පතිවරයා ලෙස පෙනි සිටිමින් ඒක් අත්සනක් ගසා පෙන්වන ලෙස දේශබන්දු තෙන්නකෝන්ට පවසන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පැවසුවේය.
” පුලුවන්නම් කරලා පෙන්වන්න… ඊට පස්සේ අපි බලාගනිමු. ” අනුර කුමාර දිසානාය කීවේය.
අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළේ උම්මන්තක රනිල් වික්‍රමසිංහ තමන්ගේ උම්මන්තක උවමනාවන් පරාජය කිරීමට අධිකරණය ගනු ලැබූ ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙසේ රනිල් වික්‍රමසිංහ ක්‍රියාමක වී ඇති බව කී අනුර කුමාර දිසානායක පැවසුවේඔහු දිනපතා ඔහු පෙන්නුම් කරමින් සිටින්නේ ඔහු ශිෂ්ඨ සම්පන්න ලෙස මේ රට මෙහෙයවිය නොහැකි පුද්ගලයෙක් නොවන බවය.
ඡන්දයක් ආසන්නයේ දී රනිල් වික්‍රමසිංහ මේ පෙන්නුම් කරමින් සිටින්නේ තමන් අශිෂ්ටඨත්වයේ ප්‍රතිමූර්තිය බවත්, බලය වෙනුවෙන් ඔ්නෑම අශිෂ්ට වැඩක නිරත වෙන්න පුලුවන් බව මේ වනවිට ඔහු පෙන්නුම් කර දී ඇති බවත් අනුර කුමාර දිසානායක කීවේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.
“රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි සියලු බලය නිර්මාණය වෙලා තියෙන්නේ ජනතාවගේජන වරමින්. ජනතා පරමාධිපත්‍යයෙන්. විධායක බලය නිර්මාණය වෙලා තියෙන්නෙත් පාර්ලිමේන්තුව නිර්මාණය වෙලා තියෙන්නෙත් ජනතා පරමාධිපත්‍යයෙන්. එතන තමයි උත්තරීතරත්වය තියෙන්නේ. ”
“හැබැයි රනිල් වික්‍රමසිංහ මේ සියල්ල ව්‍යාකූලත්වයට පත් කරමින් ඔහු ඔහුට සිතැඟි පරිදි ව්‍යවස්ථාවත්, ඔහුට සිතැඟි පරිදි අධිකරණයත්, ඔහුට සිතැඟි පරිදි අධිකරණයත් මෙහෙයවීම සඳහා උම්මන්තක උවමනාවකින් පෙළෙනවා. අන්න ඒ් උවමනාව ඉටු කරගැනීමට අසමත් වීම තමයි අද මේ ශ්‍රේෂ්ඨාධීකරණය දක්වා ගැටුමක් නිර්මාණය වෙලා තියෙන්නේ. ”
මේ උම්මන්තක රනිල් වික්‍රමසිංහගේ උම්මන්නතක ප්‍රයන්තනය පාරාජයට පත් කිරිම සඳහා අධිකරණය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවලට එරෙහිව තමයි රනිල් වික්‍රමසිංහ අද මේ ක්‍රියාමාර්ග ගනිමින් තියෙන්නේ.
ඔබ හිතන්න දේශබන්දු තෙන්නකෝන්ගේ නඩුව ඉතාම පැහැදිලියි. ශ්‍රේෂ්ඨාධිකරනයේ වග විභාගයට ගනු ලැබුවේ ඔහුගේ පත්වීම නීත්‍යානුකූල ද නැද්ද යන සාධකය මත. ඒ් පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා ද, ඒය පත් කරනු ලබන්නේ ව්‍යවස්ථා දායක සභාව ද විසින්ද නෙමෙයි. ඒ් පත්වීම් කිරීමේ බලධාරියා. එහෙම නැතිව ඔවුන්ට උත්තරීතර බලයක් නෑ.
ඔ්නෑම පත්වීමක් පිළිබඳව ජනාධිපතිවරයා විසින් හෝ ව්‍යවස්ථා දායක සභාව විසින් හෝ යම් පත් වීමක් සිදුකර තිබෙනවා නම්, ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙයි කියලා සාධාරණ සැකයක් තියනවා නම් ඔ්න පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ හැකියි. ඒ් අනුව තමයි දේශබන්දුගේ පත්විමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ දි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනු ලැබුවේ.
විශේෂයෙන්ම අපි දන්නවා මේ මූලික අයිතිවාසිකම් නඩු දේශබන්දුගේ පත්වීම් සඳහා පමණක් නොවෙයි, මෛත්‍රිපාල සිරිසේනගේ වගවීම් සම්බන්ධව මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක් නගලා තියනවා. ඒ් නිසා මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ තනතුරේ පරිදි වග වුනේ නෑ කියලා ජනාධිපතිවරයාට දඬුවම් ලබා දීලා තියනවා.
ඒ් වගේම රනිල් වික්‍රමසිංහ මතක තියාගන්න ඔ්න. නීත්‍යානුකූල නොවන පරිදි අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කළා. කැබිනට් මණඩලයක් දිවුරම් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහින්ද රාජපක්ෂගේ අග්‍රාමාත්‍ය ධූරයත් කැබිනට් මණ්ඩලයත් නීත්‍යානුකූල නොවන බව පෙන්නුම් කළා 2018 දි.
ඒ් අනුව මහින්ද රාජපක්ෂගේ අග්‍රාමාත්‍ය ධූරයත් කැබිනට් මණ්ඩලයත් අහෝසි වුනේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින්. ඒ් විතරක් නෙමෙයි, ඔබට මතක ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැරියා ජනාධිපතිවරයා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නතර කළා. ඒ් නිසා තමන්ට කන්න හිතුනාම කබරගොයත් තළ ගොයා කරගන්න නියායක තමයි රනිල් වික්‍රමසිංහ ඉන්නේ. තමන් උවමනා වෙනකොට තීන්දු පිලිගන්නත්, තමන්ට එරෙහි වනකොට ඒ් තීන්දු නොපිළිගන්නත් උම්මන්තක මනසකින් රනිල් වික්‍රමසිංහ කටයුතු කරනවා.
මැතිවරණයක් ආසන්නයේ දී සමාජය තුළ නැවත ව්‍යාකූලත්වයක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ පොලිස්පතිවරයා පත් කිරීම මගහිරිමින් ඉන්නවා. ඔහුගේ ප්‍රධාන ප්රශ්නය කලින් කිව්වා. ඡන්දයක් තියන්නෙත් නෑ… තියන්න ඡන්දයකුත් නෑ කියලා. ඒ් වගේම අද කියනවා පොලිස්පතිවරයෙක් පත් කරන්නෙත් නෑ, පත් කරන්න පුරප්පාඩුවකුත් නෑ කියලා.
ඔබට මතක ඇති පූජිත් ජයසුන්දර. ඔහු පොලිස්පති ලෙස ඉද්දි තමයි ඔහු අනිවාර්ය නිවාඩු යවලා වැඩ බලන පොලිස්පතිවරයා විදිහට ඩී.සී.වික්‍රමරත්න පත් කරගත්තේ. අවුරුදු එක හමාරකට වැඩි කාලයක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස හිටියා. නැවත නැවත පත් කළා. අපි කිව්වා රී ලෝඩ් ක්‍රමයට පත් කළා කියලා.
ජනාධිපතිවරයා සිටිය දී අමාත්‍යවරු සිටියදී ඇමතිවරයෙක් රට ගියාම එයා සිටියදී වැඩ බැලීම සඳහා අමාත්‍යවරු පත් කරලා තියනවා. ඒ් නිසා තනතුරේ පුරප්පාඩුවක් සිදුවිය යුතුම නෑ වැඩ බලන තනතුරක් පත් කරන්න. මේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ වැඩ බැලීම සඳහා කරන උත්සාහයක් තිබෙන්නේ.
දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ මේ ගැන දීර්ඝවිස්තරයක් කරනවා. අපි දිනේෂ් ගුණවර්ධනට අභියෝග කරනවා අද ඔහු ඒ් කියපු කතාව පුලුවන්නම් එළියෙ කියන්න.
ඒ වගේම අපි දේශබන්දුට කියනවා එක ටෙලිෆෝන් පණිවිඩයකට චක්‍රලේඛනයකට පොලිස් දෙපාර්තමේන්තුව ලබා දෙන නියෝගයකට පුලුවන්නම් එක අත්සනක් ගහන්න පොලිස්පති දේශබන්දු කියලා.
නිකම් පාර්ලිමේන්තුවේ කෑ ගහලා නිකම් එළියෙ සද්ද දාලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුස් පාට් දාලා වැඩක් නෑ. අපි අභියෝග කරනවා දිනේෂ් ගුණවර්ධන කරපු ඔය කතාව පුලුවන්නම් එළියේ කියන්න.
ඒ් වගේම අපි අභියෝගකරනවා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා හැටියට ඒක අත්සනක් ගහලා පෙන්වන්න. මොකක්ද වෙන්නේ කියලා බලා ගන්න පුලුවන්.







