සූරියවැව නුවන් ජයසේකර –
කඳපොල සිට කතරගම වන්දනාවේ පැමිණ යළි නිවස බලා යමින් සිටි වන්දනා නඩයක් සහිත බස් රථයකට ඊයේ (25) සවස 5ට පමණ කතරගම බුත්තල මාර්ගයේදි එල්ල වු වන අලි ප්රහාරයකින් තිදෙනෙකු තුවාල ලබා ප්රථිකාර සදහා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.
කදපොල සිට කතරගම වන්දනාවේ පැමිණ ඇති මෙම පිරිස යළි බස් රථයෙන් යමින් සිටියදි කතරගම බුත්තල පාරේ ගල්ගේ ආසන්නයේදි මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇත.
වන අලි පහර දිම හේතුවෙන් බස් රථයේ පිටුපස දකුණු පැති වීදුරු කැඩී ගොස් ඇති අතර ඒ හේතුවෙන් බස් රථයේ ගිය තිදෙනෙකු සුළු තුවාල ලබා තිබේ.
තුවාල කරුවන් කතරගම ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්රථිකාර ලබා පිටව ගොස් ඇත.







