කීර්ති ප්‍රනාන්දු –
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද (26) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින්අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන පවසයි .
එහෙත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බවද ඔහු කියා සිටී .
විශේෂයෙන් පාන් මිල අඩු කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම හා පාන් සඳහා මිල පාලනයක් ගෙනෙන බවට බලධාරීන් විසින් කළ තර්ජනය නිසා පාන් මිල අඩු කිරීමේ තීරණයට එළඹි බව පැවසූ සභාපතිවරයා එසේ පාන් සඳහා පාලන මිලක් පැනවූයේ නම් බේකරි කර්මාන්තය කඩා වැටෙන බවද ප්‍රකාශ කළේය .
පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමේ හැකියාවක් මේ අවස්ථාවේ බේකරි හිමියන්ට නොතිබූ බව පැවසූ ඔහු තිරිඟු පිටි මිල අඩු කරන්නේ නම් සෙසු බේකරි නිෂ්පාදනවල මිලද පාරිභෝගිකයාට දැනෙන මිලකින් අඩුකිරීමට හැකි ඔහු පැවසුවේය.
පිටි මිල අඩුකිරීමේ හැකියාවක් තිබියදීත් මෙරට පිටි සමාගම් දෙක පිටි මිල අඩු නොකරන බව පැවසූ ඔහු රජය මැදිහත් වන්නේ නම් පිටිමිල අඩුකළ හැකි බවද වැඩිදුරටත් පැවසීය







