බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතියක් වෙනුවෙන් ක්‍රිකට් ගහන හැටි!

by editor
ජූනි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ෆන් එකේ ගත කරන අතර ඊයේ මැච් එක බලන්න අපේ ක්‍රිකට් සිඟිත්තන්ට  වෙලාවක් තිබුණා නම් ඒ පුංචි මොළවලට යන්තම් හෝ වැටහෙන කතාවක්  තිබිණි.

ක්‍රිකට් යනු ඇඟේ හයිය සහිත මදාවියන් පිරිසක් බෝලයට බැට් එකෙන් ගැසීම නොවන බවය. එය අධ්‍යාත්මයෙන්ම ජාතික වගකීමක් සමග බැඳුන ගැඹුරු සම්මුතික ව්‍යායාමයක් බවය. ලෝකයෙන් අංක එක වීමේ පුද්ගලික සහතික ලාභීන් අභියෝගයක දී  සාමුහික වගකීම් ඉටුනොකරන්නේ නම් ඔවුන් ලබන සහතික වැසිකිළි කඩදාසි තරම්වත් නොවටිනා බවය.

ඊයේ ඉන්දියාව දිනුම්ය. දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවතියේ  ලෝක කුසලානයක් සඳහා සෑම අතින්ම උචිත කණ්ඩායම් දෙකක් අතර පැවති  ක්‍රිකට් ක්‍රීඩාවේ විචිත්‍රත්වය, සංයමය, ගැඹුර ප්‍රකාශ කරන අවසන් මහා තරගයකි.   තරගයෙන් අනතුරුව අප දකින්නේ උද්වේගකර කැටයම් නොව හඬා වැටෙන පාණ්ඩ්‍යා ය. දරාගත නොහැකි සතුට බිම වැතිරී කඳුළු සලමින් සමරන ෂර්මාය. කඳුළු පිස දමමින් සිනාසෙන කෝලි ය. ජාතියක් වෙනුවෙන් ක්‍රිකට් ගැසීමේ හැඟීම කුමක් දැයි දුටුවෙමු.  ඉතිහාසයේ කිසිම අවස්ථාවක ඉන්දියානු කණ්ඩායමට මේ තරම් ආදරයක් ඇති වූයේ නැත.

එක් සියුම් අවස්ථාවක් ගිලිහී ගියේ නම් තරගයේ ඉරණම වෙනස්වන තරම් අවසන් මහා තරගය තියුණු වූයේය. 15 වැනි ඕවරය අවසන්වන විට ලෝක කුසලානයේ වැඩි බරක් තිබුණේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයට. පන්දු 26ක දී ලකුණු 26ක් ලබා ගත යුතු සුව පහසු ඉලක්කයක් වෙත ක්ලාසන් තරගය ගෙනාවේය. ඔහු හරදික් පාණ්ඩ්‍යාට ගොදුරු විය.

අවසන් පන්දු ඕවරයේ ලකුණු 16ක ඉලක්කයක් හඹා යද්දි පළමු පන්දුවට ඩේවිඩ් මීලර් එල්ල කළ ලකුණු 6ක් විය හැකිව තිබූ පහර  හතරේ සීමාව වටා දිව යමින් සූර්ය කුමාර් යාදේව් විසින් රැකගත් විශිෂ්ට ආකාරය ඉන්දියාවේ ජයග්‍රහණය තීරණාත්මක ලෙස සලකුණු කරනු දුටුවෙමු.  එය ලෝක කුසලානයක් හිමි කර දුන් උඩපන්දුවක් ලෙස ඉතිහාසගතවනු ඇති බව විශ්වාස ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම පිතිකරුවන්ගේ ක්‍රීඩාවක්වන විස්සයි 20 මාදිලියේ තරගයක දී අවසන් පන්දු ඕවර 4 තමන්ගේ කරගත් අති විශිෂ්ට පන්දු යැවීමක් කළ ඉන්දීය පන්දුකරණය විස්සයි 20 ඉතිහාසය අලුත් කර තිබිණි.

දඟ පන්දු යවන්නන් වෙත හෙන්රච් ක්ලාසන් විසින් දියත් කර අනුකම්පා විරහිත ප්‍රහාරය දරාගෙන  සිය හොඳම වේග ප පන්දු යවන්නන් දෙදෙනාගේ පන්දු ඕවර  මනාව කලමනාකරණය කරමින්  ලකුණු පීඩනයක් ඇති කර තරගයේ තීරණාත්මක අවසන් පන්දු ඕවරය යැවීමට හර්දික් පාණ්ඩ්‍ය කැඳවීමට රෝහිත් ෂර්මා දියත් කළ සැලැස්ම ප්‍රායෝගිකව ඇත්තක් වූයේය. තරගයක් අතර ක්‍රීඩාගාරයෙන් උපදෙස් එනතුරු බලා ඉන්නා ඇඟේ ලෝක කුසලානය පච්චා කොටා ගත් අපේ චූටි පුතාලාට තවම ඉන්නේ  ක්‍රිකට්වල මොන්ටිසෝරියේ බව අපි දුටුවෙමු.

දැන්  ඒ ක්‍රිකට් සිඟිත්තන්ට කියන්නට ඇත්තේ පිට්ටනිය මැද්දේ කැමරාවලට පේන්නට රඟපාන පඩ ෂෝ නවත්වා මුල ඉඳන්ම රටක් වෙනුවෙන් ක්‍රිකට් ගහන්නට ඉගෙන ගන්නා ලෙසය.  ලෝකය දෙස බලා හෝ ජාතික කණ්ඩායමක නායකයෙක් තෝරා ගන්නා ආකාරය ඉගෙන ගන්නා ලෙස ඇමතිගේ තේරීම් කමිටුවටත් කිව යුතුව තිබේ. සියල්ලන් පට්ට ෆේල් බවත් ක්‍රිකට් ඇත්තේ අපට වඩා කොපමණ උඩින්දැයි දැන්වත් ජාතියේ නාමයෙන් තේරුම් ගත යුතු බවත් ලියා තබමු.

ඉන්දියාව ලෝක කුසලානය හිමිකර ගත්තේය…

 ඊයේ තරගය

ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට සමත් වුයේ වසර 17 කට පසුවය. 2007 වසරේ දී ලෝක ශුරයින් වූ ඉන්දීය කණ්ඩායම 2014 වසරේදී අනුශුරයින් බවට පත්විය. අපිට තවමත් මතක් කරන්නට ඇති අතීතයේ ස්වරණමය සැමරුම 2014. අපි 2014 විස්සයි 20 ලෝක ශූරයන්ය. ඉන්දියාව අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ තුන්වන අවස්ථාව මෙයය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය විය.

කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා කෙන්සිංටන් ඕවල් පිටියේ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කඩා වැටුණු ඉන්දීය මුල් පෙළ

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉන්දීය ආරම්භක පිතිකරුවන් පළමු පන්දු 09ක් තුළදී ලකුණු 23ක් රැස් කළේ හතරේ පහරවල් 05ක් එල්ල කරමිනි.

දෙවන පන්දු වාරයේ සිව්වන පන්දුවේදී ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා, කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 9ක් රැස් කරගෙන සිටියදීය.

දෙවන පන්දු වාරයේදීම නැවතත් ක්‍රියාත්මක වූ කේෂව් මහරාජ් ගේ පන්දුවක් හමුවේ රිෂාබ් පාන්ට් ලකුණු නොලබා දැවි ගියේය.

ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව දිස් වුයේ පන්දු වාර දෙකක් අවසානයේ දී කඩුලු දෙකක් දැවී ලකුණු 23ක් ලෙසය.

රිෂාබ් පාන්ට් ගේ දැවී යාමෙන් පසූ පිටියට පැමිණි සුර්යකුමාර් යාදෙව්, විරාට් කෝලි සමග එක්වෙමින් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 11ක් එක් කළේය.

ඉන්දීය ඉනිමේ පස්වන පන්දු වාරය යැවූ කගීසෝ රාබාඩා ගේ පන්දුවක් හමුවේ සුර්යකුමාර් යාදෙව් ලකුණු 03 කට දැවී යන විට ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 34 කට කඩුලු 03ක් ලෙසය.

කෝලිගේ  වෘත්තීය පිතිකරණය

විරාට් කෝලි සමග පිටියට එක්වූ අක්සාර් පටෙල් ඉන්දීය කණ්ඩායම ස්ථාවර මට්ටමකට ගෙන ඒමට උත්සාහ කළේය. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ගෙන් එල්ලවී තිබු පීඩනයට සාර්ථකව මුහුණ දෙමින් අක්සාර් පටෙල් පන්දු 31 කදී ලකුණු 47ක් රැස් කිරීමට සමත් විය.

අක්සාර් පටෙල් ගේ ඉනිමට හයේ පහරවල් 04ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් විය. විරාට් කෝලි සමග එක්වී අක්සාර් පටෙල් ඉන්දීය ඉනිමේ සිව්වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක් එක් කළේය.

ඉන්දීය ඉනිමේ 14 වන පන්දු වාරයේදී පන්දු යවන්නාගේ අන්තයේ රැඳී සිටි අක්සාර් පටෙල්ව කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ගේ අනර්ඝ පන්දු රැකීම හමුවේ දුවද්දී දවා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ වනවිට කෝලි සිටියේ තම අන්තයේ කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සෙමින් ලකුණු රැස් කරමිනි.  සිටි විරාට් කෝලි සිය අර්ධ ශතකය පන්දු 48 කදී වාර්තා කළේ හතරේ පහරවල් 04ක් පමණක් එල්ල කරමිනි.

එහෙත් අක්සාර් පටෙල් ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි ෂිවම් ඩුබේ සමග එක්වූ විරාට් කෝලි විශිෂ්ට පිතිකරණයක නිරතවෙමින්  අභියෝගාත්මක ලකුණු සීමාවකට කණ්ඩායම කැඳවාගෙන ගියේය . සිය අර්ධ ශතකය වාර්තා කිරිමෙන් පසුව විරාට් කෝලි පන්දු 11කදී තවත් ලකුණු 26ක් රැස් කළේය. ඊට හතරේ 02ක්  සහ හයේ පහර 02ක් අතුළත් විය.

ඉන්දීය ලකුණු පුවරුව පන්දු වාර 18.5කට ලකුණු 163ක් ලෙස සටහන්ව තිබියදී විරාට් කෝලි ලකුණු 76 කට දැවී ගියේ මාර්කෝ ජැන්සෙන් ගේ පන්දුවක් හමුවේය.

විරාට් කෝලි සහ ෂිවම් ඩුබේ ඉන්දීය කණ්ඩායමේ 05 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

පන්දු 16 කදී ලකුණු 27ක් රැස් කිරීමට ෂිවම් ඩුබේ සමත් විය.

ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කළේය.

දකුණු අප්‍රිකාවේ ලකුණු හඹා යෑම

ලකුණු 177ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ කුවින්ටන් ඩී කොක් සහ රීසා හෙන්ඩ්‍රීක්‌ පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කළේ ලකුණු 07ක් පමණි.

ජස්ප්‍රීට් බුම්රා විසින් ඉනිමේ දෙවන පන්දු වාරයේදී ලකුණු 04ක් රැස් කරමින් සිටි රීසා හෙන්ඩ්‍රික් ගේ කඩුල්ල දවා ගනු ලැබීය. දකුණු අප්‍රිකානු ඉනිමට තවත් ලකුණු 05ක් එක්වීමෙන් පසු දෙවන කඩුල්ල ලෙස නායක ඒඩ්ඩ්‍රන් මාක්ක්‍රම් ලකුණු 04 කට දවා ගැනීමට අර්ශදීප් සිං සමත් වුණි.

ඉක්මන් කඩුලු දෙකක් දැවී ගිය දකුණු අප්‍රිකානු ඉනිම අභියෝගාත්මක ලෙස යළි ගොඩනගන්නේ  ක්‍රිස්ටීන් ස්ටබ්ස් සහ කුවින්ටන් ඩීකොක් විසිනි.  ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකානු ඉනිමේ තෙවන කඩුල්ල සඳහා ලකුණු 58ක සබඳතාවයක් ගොඩනැගූහ.

එහෙත් දකුණු අප්‍රිකානු ඉනිමේ 9 වන පන්දු වාරයේදී අක්සාර් පටෙල්  ලකුණු 31ක් රැස් කර ගෙන සිටි ක්‍රිස්ටීන් ස්ටබ්ස් ගේ කඩුල්ල දවා ගත්තේය.

ස්ටබ්ස් ගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි හෙන්රි ක්ලාසන් සහ කුවින්ටන් ඩිකොක් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ 04 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක් එක් කළහ.

ලකුණු 39ක් රැස් කර ගනිමින් සිටි කුවින්ටන් ඩී කොක් දකුණු අප්‍රිකානු ඉනිමේ 13 වන පන්දු වාරයේදී හර්ශදීප් සිං ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු පුවරුව දිස් වුයේ කඩුලු 04 කට ලකුණු 106ක් ලෙසය.

දකුණු අප්‍රිකාව ලෝක කුසලානය අසලටම රැගෙන පැමිණි පන්දු ඕවරය

දකුණු අප්‍රිකානු ඉනිමේ 15 වන පන්දු ඕවරයේදී ලකුණු 24ක් රැස් කිරීමට හෙන්රි ක්ලාසන් සමත් විය. ඒ සමග ඉන්දියාවට තිබු තරගයේ වාසිය දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙසට නැඹුරු විය.

විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට හෙන්රි ක්ලාසන් සමත් වූ අතර ඔහුට ඒ සඳහා වැය වුයේ පන්දු 23ක් පමණි.

කෙසේ වුවත් දකුණු අප්‍රිකානු ඉනිමේ 17 වන පන්දු වාරයේ පළමු පන්දුවේදීම හර්දික් පාන්ඩ්යා ගේ පන්දුවක් හමුවේ ලකුණු 52ක් රැස් කර ගෙන සිටි හෙන්රි ක්ලාසන් දැවී ගියේය. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 05ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුළත් වීය.

සිය අවසන් පන්දු වාරය යැවීමට කැඳවීම ලැබූ ජස්ප්‍රිට් බුම්රා දකුණු අප්‍රිකානු ඉනිමේ 18 වන පන්දු වාරයේදී මාර්කෝ ජැන්සන් ලකුණු 02 කට දවා ගැනීමට සමත් විය.

ඒ වන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 156 කට කඩුලු 06ක් ලෙසය.

 අවසන් පන්දු වාරය

අවසන් පන්දු වාරයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් ලබා ගැනීමට නියමිතව තිබිණි.

හර්දික් පාන්ඩ්යා විසින් යවන ලද දකුණු අප්‍රිකානු ඉනිමේ 20 වන පන්දු ඕවරයේ පළමු පන්දුවේදී ඩේවිඩ් මීලර් එල්ල කළ පහර හතරේ සීමාව ආසන්නයේදී සුර්ය කුමාර් යාදෙව් දක්‍ෂ ලෙස රැක ගන්නා ලදී. එම දවා ගැනීම වෙනුවෙන් සූර්ය කුමාර් යාදේව් කළ අති විශිෂ්ට පන්දු රැකීම ලෝක කුසලාන ඉතිහාසයේ වටිනාම උඩපන්දුව ලෙස වාර්තා වනු ඇත.

නැවත වරක් ක්‍රියාත්මක වූ හර්දික් පාන්ඩ්යා කගිසෝ රාබාඩා ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණි.

ඒ අනුව සිය පන්දු වාර 20 අවසානයේදී දකුණු අප්‍රිකාවට රැසකර ගැනීමට හැකිවුයේ කඩුලු 08ක් දැවී ලකුණු 169ක් පමණි.

පන්දු යැවීමේදී හර්දික් පාන්ඩ්යා ලකුණු 20 කට කඩුලු 03ක් දවා ගත් අතර ජස්ප්‍රිට් බුම්රා සහ අර්ශදීප් සිං කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.

තරගයේ විරයා ලෙස සම්මාන දිනු විරාට් කෝලි පවසා සිටියේ ඉන්දිය කණ්ඩායම නියෝජනය කරමින් තමන් ක්‍රීඩා කරන අවසන් විස්සයි 20 තරගය මෙය බවය.

එමෙන්ම තරගාවලියේ වීරයා ලෙස ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා සම්මානයට පාත්‍ර විය. විස්සයි විස්ස තරගාවලියක දී පන්දු යවන්නෙක් තරගාවලියේ වීරයා වීම අමුතු විචිත්‍රත්වයක් ගේන්නේය. ඒ ගෞරවය බුම්රාටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඡන්ද 147 ඡන්ද 18කට අඩු කරලා නීත්‍යානුකූලව ක්‍රිකට් බෝඩ් එකේ දූෂිත බහිරවයන් පළවා හැර ක්‍රිකට් හදන හැටි සබ්රි කියයි!

Next Post

ජොනීලා ඇලෝසියස්ලා ඇතුළු අරක්කු සමාගම් 13ක් එක මිටට තැබූ කෝටි 715ක සුරාබදු පොල්ලේ කතාව…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.