දිනසේන රතුගමගේ –
යාපනයේ මනිපායී කාකායී ප්‍රදේශයේදී සිය බිරියගේ සිරුරට ගිනි තබා මරා දැමූ ස්වාමි පුරුෂයාට යාපනය මහාධිකරණය විසින් ඊයේ ( 20 ) මරණ දඩුවම නියම කළේය.
2015 ජූනි මස 20 වෙනිදා පවුල් ආරවුලක් මත සැමියා විසින් බිරියට ගිනි තබා තිබිණි. පසුව ඇයව රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මේ සිද්ධියෙන් පසුව පොලීසිය විසින් ස්වාමි පුරුෂයාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු වසර දෙකක කාලයක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූයේය.
පසුව මෙම නඩුව යාපනය මහාධිකරණයේදී විභාගයට ගැනුණි. වසර තුනක් මුලුල්ලේ පැවති නඩු විභාගයකින් පසුව යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමකුමාර් ෙවිසින් විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේය.
සැකකරුට එරෙහිව පොලීසිය විසින් ගොණු කොට තිබූ සියලුම චෝදනා පැහැදිලිව ඔප්පු වී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කි නොතිබුණද භෞතික හා රසායන සාක්කි පදනම් කරගෙන මෙම නඩුව විභාගයට ගැනුණි.







