නීතිපති සංජය රාජරත්නම් ගේ නිල කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
නීතිපති සංජය රාජරත්නම් වෙත මාස හයක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා නිර්දේශ මීට සති දෙකකට පෙර නිර්දේශ කර තිබිණි. අනතුරුව අදාල නිර්දේශය අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට යොමු විය..
නීතපතිවරයාගේ සේවා දිගුව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනිවාර්ය විය. පසුගිය 10 දා සඳුදා රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම අනුමත කිරීම කල්දමා තිබිණි. අදාල යෝජනාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව එහි දී තීරණය වූයේය. අද රැස්වුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව නීතිපතිවරයාගේ සේවා දිගුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට සිදුකන බව පසුගිය සතියේ දැනුම් කතානායකවරයා කීවේය.
කෙසේ වෙතත් අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව නීතපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමේ ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. මෙම සේවා දිගුව ලබා දීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධව සමාජයේ දැඩි විරෝධය මතු විය. කතෝලික පල්ලිය ඊට බරපතල විරෝධය දැක්වූයේ ජනාධිපතිවරයා නීතිපතිගේ සේවා දිගුව කතෝලික සභාව පාවිච්චි කරමින් ලබා දෙන්නට යන බව කියමිනි.
මේ මස අවසන් වනවිට නීතිපති සංජය රාජරත්නම් ගේ සේවා කාලය අවසන් වී ඔහු විශ්‍රාම යෑමට නියමිතය. ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් 2021 මැයි මස 26 වැනිදා මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.