දිනසේන රතුගමගේ –
මුලතිව් පුදුකුඩීඉරිප්පු දේවීපුරම් ප්රදේශයේ ළිඳක තිබී ජීවී තත්ත්වයේ ගුවන් යානා නාශක උණ්ඩ 992 ක් පුදුකුඩීරිප්පු පොලීසිය විසින් අද 10 දා සොයා ගෙන තිබේ.
මෙම ළිද අයිතිකරු ළිද සුද්ද කිරීම සදහා සූදානම් වූ අවස්ථාවේදී ළිද තුළින් ටකරම් පෙට්ටියක කොටසක් හමු වී තිබේ.
එහි එක් මුල්ලක පතරොමක් වැනි යමක් තිබෙනු දැක ඔහු ඒ පිළිබදව පුදුකුඩීඉරිප්පු පොලීසිය වෙත දැණුම් දී ඇත.
පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ ළිඳෙන් එම ගුවන් යානා නාශක උණ්ඩ ගොඩ ගෙන ඒ පිළිබදව වාර්තාවක් මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ .
යුද සමයේදී කවරෙකු විසින් හෝ මේ ළිඳට දමන්නට ඇතැයි සැලකෙන එම ජීව උණ්ඩ මුලතිව් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව එ පුපුරවා විනාශ කිරීමට පුදුකුඩීඉරිප්පු පොලිසිය පියවර ගෙන තිබේ.