බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බංගලි හටන… හෙට කුමක් වෙයි ද?

by editor
ජූනි 7, 2024
in ක්‍රීඩා
CRICKET-WORLDCUP-BGD-LKA-
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව සහ බංගලාදේශය ලෝක කුසලාන තරගාවලියේ දී හෙට මුණගැසෙති. ඒ ඩලස්හි දී ය. ලංකාවේ වෙලාවෙන් උදෑසන 6ට තරගය ආරම්භ වන්නේය. 

මේ වනවිට ශ්‍රි ලංකාව සහ බංගලාදේශය අතර තරගයක් ක්‍රීඩා ලෝලීන්ට විශාල උත්තේජනයක් ඇති කරන්නක් වී තිබේ. කණ්ඩායම් දෙකම පිටිය තුළත්  පිටියෙන් පිටදීත් නට්‍යානුසාරයෙන් සහ අභිනයෙන් දක්වන  විරෝධතා ප්‍රකාශන ක්‍රීඩා මණ්ඩප උණුසුම් කරමින් තිබේ.

D ඛාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන බංගලාදේශ ශ්‍රී ලංකා තරගය පැවැත්වෙන්නේ ලෝක කුසලාන තරග මාලාවේ 15වැනි තරගය ලෙසය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ  මේ තරගයට මුහුණ දෙන විට බලාපොරොත්තු නොවුන බිහිසුණු පරාජයකට මුහුණ දී සිටිති. ඒ සිය විස්සයි 20 තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලෙස අඩුම ලකුණු ගණනකට දැවී යමිනි.  දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන් ලකුණු 77කට දැවී ගියේය. තරගය කඩුළු 6කින් දකුනු අප්‍රිකානු කණ්ඩායම ජය ගත්තේය.

එම තරගය පැවැත්වූ නිව්යෝක්  තණතීරුවේ  ස්වරූපය සම්බන්ධව සිය අප්‍රසාදය පළ කරමින් මේ වනවිට අයි.සී.සී ය ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහෙත් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස අනපේක්ෂිත ගැටලු සහගත අවස්ථාවක් කළමනාකරණය කරගැනීමේ නොහැකියාව ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ    පෙන්වා දුන්හ. ලබා ගත යුතු ලකුණ සහ ලබා දිය යුතු ඉලක්කය පිළිබද තක්සේරුවක් හෝ සංවාදයක් රහිතව අයාලේ ගැහිල්ල මේ දුක්ඛිත පරාජය  රටට ගෙනාවේය. මේ තරගය විශාල සංවාදයක් ද ඇති කර තිබිණි. දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ඇන්රිච් නොට්ජේ කදිම තර්කයක් ගෙනාවේය.  ඔහු කීවේ පිතිකරණයට උචිත වූ තණ තීරු පන්දු යවන්නන් අසරණ කරන විට හොඳවීමත්, පන්දු යවන්නට උචිත තණ තීරුවක ලකුණු නොලැබීම තණතීරුව නරක වීමත් සම්බන්ධ තක්සේරුව තේරුම් ගත නොහැකි බවය. මෙයත් විස්සයි විස්ස ක්‍රීඩා ස්වරූපයක් ලෙස පිළිගැනීමට එකඟවීම වඩාත් සාධාරණ බව ඔහු කීවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

හෙට උදේ  තරගයට පැමිණෙන  බංගලාදේශය ඉන්නේ අපටත්    වඩා බිහිසුණු බිඳවැටීම් අතරය. ඉන්දියාව සමග පැවැත්වූ පුහුණු තරගය දුක හිතෙන විදිහට පරාජය වීමට පෙර ඔවුන් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට තරගාවලියක් පැරදුනේය. ඔවුන්ගේ බෙලහීන ක්‍රිකට්   එකින් එක මතු වෙමින් පෙනුනි. ඇමරිකානු ප්‍රධාන පුහුණුකරු ස්ටුවර්ට් ලෝ පැවසුව් බංගලාදේශයට ජයග්‍රහණ අධ්‍යාශයක් නොමැති බවය.

කෙසේ වෙතත් මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම එකසේ වැදගත් වන්නේ එය සුපිරි අට දෙනාගේ වටයට ප්‍රවේශය වඩාත් සමීප කරන ජයග්‍රහණයක් වන බැවිනි.

වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායමට ද

බංගලාදේශයේ කැපී පෙනෙන ප්‍රවේගකාරී පිතිකරුවා නජ්මුල් හෙසේන් සැන්ටෝ ය. සැන්ටෝ මේ වසරේ දී විස්සයි 20 ඉනිම් දහයක දී ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි.   කෙසේ වෙතත්, බංග්ලාදේශ නායකයා 2022 දී කළාක් මෙන් දුෂ්කර තත්වයන්ගෙන් පසු සටන් කළ හැකි බව පෙන්වා දී ඇති තිබේ.   ඒ අතීත ක්‍රිකට් මේ තරගයේ දී රැගෙන ඒමට   නජ්මුල් හොසේන් සැන්ටෝ සහිත බංගලාදේශ කණ්ඩායමට සිදුවනු ඇත.

ශ්‍රි ලංකාව පැත්තෙන් බැලුවහොත්  බංග්ලාදේශය යනු කුසල් මෙන්ඩිස්ගේ ප්‍රියතම ප්‍රතිවාදියාය. ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ආකෘතියකම ඔහු වැඩිම ලකුණු රැස්කළ කණ්ඩායම බගංලාදේශය ය. මෙන්ඩිස් මේ වසරේ ඇෆ්ගනිස්ථානයට සහ සිම්බාබ්වේට එරෙහිව පැවති විස්සයි 20 තරඟාවලියෙන් පසු දුර්වල තත්ත්වයකට පත් වූ විට යළි  රිද්මයට ආවේ බංගලාදේශ කණ්ඩායමෙනි. කුසල් මෙන්ඩිස්  බංග්ලාදේශයට එරෙහිව තරඟ තුනේදී ලකුණු 181ක් රැස් කළේය. ඔහු හෙට තවත් හොඳ දවසක් වනු ඇතැයි බලාපොරොත්තු වනු ඇත.  ඒ සමගම බංගලාදේශයේ සියලුම සැලසුම් කුසල් මෙන්ඩිස් දවා ගැනීම වෙනුවෙන් සැලසුම් වන බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

බංග්ලාදේශය (විය හැකි) කණ්ඩයාම

1 ටැන්සිඩ් හසන්, 2 සෞම්‍ය සර්කාර්, 3 නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක), 4 ටවුහිඩ් හ්‍රිඩෝයි, 5 ෂකීබ් අල් හසන්, 6 මහමුදුල්ලා, 7 ජේකර් අලි ( කඩුළු රකින ක්‍රීඩක), 8 මහේඩි හසන්, 9 රිෂාඩ් හොසේන්, 10   ටන්සිම් හසන් / ටස්කින් අහමඩ් 11. මුසටෆිසුර් රහ්මාන්

ශ්‍රී ලංකා කණ්ඩායමට   නුවන් තුෂාර හෝ මහීෂ් තීක්ෂණ වෙනුවට දුෂ්මන්ත චමීර සමඟ ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාව (විය හැකි කණ්ඩායම):

1 පැතුම් නිශ්ශංක, 2 කුසල් මෙන්ඩිස් (කඩුළු රකින ක්‍රිඩක), 3 කමිඳු මෙන්ඩිස්, 4 සධීර සමරවික්‍රම, 5 චරිත් අසලංක, 6 ඇන්ජලෝ මැතිව්ස්, 7 දසුන් ශානක, 8 වනිඳු හසරංග (නායක), 9 මහීෂ් තීක්ෂණ, 9. මතීෂ පතිරණ, 11 නුවන් තුෂාර

තණතීරුව  : ලකුණු ලබා ගැනීම සඳහා වඩා හොඳය. පිතිකරුවන්ට යෝග්‍ය තණ තීරුවකි.

ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර ඉහළ ලකුණු රැස්කළ ආරම්භක තරගයට ඩලස්හි තණ තීරුව සහාය වූ නමුත්    පසුව නෙදර්ලන්තයට එරෙහිව නේපාලය ලකුණු 106කට දැවී ගියේය. කෙසේ වෙතත්  එය තවමත් හොඳ පිතිකරණ තණතීරුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කාලගුණ අනාවැකිය ප්‍රකාරව  වර්ෂාපතනයක් නොමැත. කාලගුණය සාධාරණව පවතිනු ඇත.

වැදගත් වන දත්ත

  • පසුගිය මාර්තු මාසයේදී මෙම දෙපාර්ශවය අතර පැවති විස්සයි20 තරඟාවලියේදී මහේදි හසන්, මුස්තාෆිසුර් රහ්මාන්, තස්කින් අහමඩ් සහ රිෂාඩ් හොසේන්ට එරෙහිව කුසල් මෙන්ඩිස් විශිෂ්ට පිතිකරණයක යෙදුනේය. මෙම පන්දු යවන්නන් සිවුදෙනාට එරෙහිව මෙන්ඩිස්ගේ දැවී යෑම් දෙකක් සමඟින් 172.72ක සාමූහික ප්‍රහාරක වේගයක් තිබුණි.
  • ශ්‍රී ලංකාව 2007 සහ 2021 දී බංග්ලාදේශයට එරෙහිව ඔවුන්ගේ විස්සයි 20 ලෝක කුසලාන තරඟ දෙකම ජයග්‍රහණය කර ඇත.
  • විස්සයි20 තරග 100ක් පරාජය වූ පළමු කණ්ඩායම බංග්ලාදේශයයි. ශ්‍රී ලංකාව එම ආකෘතියේ පරාජයන් 99කි. බංගලාදේශය ආසන්නව ඔවුන්ට පසුපසිනි.
  • ටස්කින් අහමඩ් සහ ෂොරිෆුල් ඉස්ලාම් බංග්ලාදේශයේ ප්‍රමුඛ වේග පන්දු යවන්නන් ලෙස සැලකෙන නමුත් ඔවුන් දෙදෙනා එක්ව ක්‍රීඩා කර ඇති විස්සයි20 තරග 22 න් 17 ක්ම එම කණ්ඩායම පරාජයට පත්ව ඇත.
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

VFS ගනුදෙනුවේ පසුපස සිටිමින් පාර්ලිමේන්තුවත් නියෝජනය කරන මාෆියාව හර්ෂ මරා දැමීමේ සූදානමක ද?

Next Post

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ මාරක අනතුරින් දෙදෙනෙක් එතැනම මරුට

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.