අනෝරා වැස්ස සීතාවක ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ ග්රාම නිළධාරී වසම් 11ක ජනතාව බරපතල පීඩාවට පත් කර තිබේ. මේ වනවිට පුද්ගලයින් සිවු දෙනෙක් මිය ගොස්ය. තිදෙනෙක් ගංවතුරට බිලි වී ඇත. තවත් පුද්ගලයෙක් පස් කන්දකට යටවී මිය ගොස් ඇතැයි කොළඹ දිස්ත්රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
ගංවතුරට බිලි වී ඇත්තේ අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ ග්රාම නිළධාරී වසමේ එකම පවුලේ තිදෙනකි. ජල ගැලීම් නිසාවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනය ද කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා නතර වී තිබේ.
පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල දී රථ වාහන ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි ද එම ප්රදේශයේ ජනතාව පවසති. (ලංකාදීප)