ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 41ක ජයක් හිමි විය.
ලෝඩර්හිල් හි සෙන්ට්‍රල් බ්‍රොව්ර්ඩ් රීජනල් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තේරුවේය.
ශ්‍රී ලංකා කණඩායම වෙනුවෙන් ඈන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක්, වනිඳු හසරංග 26ක්, දසුන් ශානක ලකුනු 23ක් හා පැතුම් නිශ්ශංක ලකුනු 22ක් ලැබුවේය. ඕවර 20 අවසානයේ දී ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 8කට ලකුණු 163ක් වාර්තා කළේය.
ස්කොට්ලන්තය වෙනුවෙන් ජොෂ් ලිට්ල් කඩුළු 2ක්, බැරි මැක්කාර්ති කඩුළු 2ක්,මාර්ක් අඩයිර්, ක්‍රෙග් යන්ග්, කර්ටිස් කැම්පර් කඩුල්ල බැගින් ලැබූහ.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ පන්දු ඕවර 18.2ක දී ලකුනු 122කට සියල්ලෝ දැවී ගියහ. කර්ටිස් කැම්පර් ලබා ගත් ලකුනු 26 ස්කොට්ලන්ත කණ්ඩායම ලබා ගත් ඉහළම ලකුණ විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දසුන් ශානක ලකුණු 23ට කඩුළු 04ක් ලැබුවේය. ප්‍රහාරයකට ලක් වුන වනිඳු හසරංග ලකුණු 40ට කඩුළු 02ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 14ට කඩුළු 02ක් සහ දුෂ්මන්ත චමරී, මතීෂ පතිරණ 1 කඩුල්ල බැගින් ලැබූහ.









