බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් ගමන් තහනමක සිටිද්දී රටින් පලා යන්න ගිය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු මාධ්‍ය කළමනාකරු ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට..

ඔහු ඔලිම්පික් කමිටුවෙන් කළ ජාතික අපරාධවලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක්....

by editor
මැයි 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමනාකාර ගෝබිනාත් සිවරාජා, පවතින විදෙස් ගමන් තහනම නොතකා රටින් පලා යාමට උත්සාහ කරමින් සිටියදී අද (27) අලුයම ගුවන් තොටුපළ ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගෝබිනාත් සිවරාජා යනු දැනට විමර්ශනය කෙරෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට අදාල වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයින් රැසක් අතර සිටින ප්‍රධාන සැකකරු වේ.

මීට අමතරව, දැනට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනය කරන මෙම විශේෂිත නඩුවේ මහ මොළකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා පිළිබඳ සැකය පහළ වී තිබේ.

දැනට විමර්ශනය වන වංචා සහ දූෂණ සම්බන්ධ විත්තිකරුවෙක් වූ ගෝබිනාත් තවත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සගයකු සමඟ යුරෝපයට යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී නතර කළ බව වාර්තා වේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේහි මාධ්‍ය කළමණාකරු වුවද, ගෝබිනාත් සිවරාජා ටෙක්බෝල් (ව්‍යාපෘති කළමනාකරු) සහ ඩාන්ස් ස්පෝර්ට් (ලේකම්) වැනි මතභේදාත්මක ක්‍රීඩා ආයතන දෙකක ද සේවය කර ඇත. ඒවා මූලික වශයෙන් මෑතකදී තහනම් කරන ලද ලේඛන වලට පමණක් සීමා වූ ක්‍රීඩා සමාජ විය. ඔහුගේ සගයන් විසින් නිර්මාණය කරන ලද තවත් ලේඛනවලට පමණක් සීමා වූ වින්ටර් ස්පෝර්ට්ස් නම් ක්‍රිඩා සමාජයක් ද මේ ආකාරයෙන්ම තහනම් කර තිබිණි.

සැබෑ ලෙසම නොපවතින කඩදාසිවලට පමණක් වූ මෙම ක්‍රීඩා ආයතන වටා ඇති ආන්දෝලනයට තුඩු දුන් වංචාව වන්නේ දූෂිත ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් එකතු වී එවැනි සංගම් ඇති කර ජාත්‍යන්තර මව් ආයතනවලින් සහ දේශීය අනුග්‍රාහකයන්ගෙන් මුදල් ගසා කෑමය.

ඩාන්ස් ස්පෝර්ට් සගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝබිනාත් සිවරාජා එහි පත්කළ සභාපති මාලිංග ප්‍රනාන්දුගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගෙන රුපියල් ලක්ෂ 8ක අනුග්‍රහයක් ලබාගෙන තිබීමත් එම මුදල් ලබා ගැනීම සඳහා තර්ජනය කිරීමත් සම්බන්ධවත් චෝදනා ලැබ ඇත.

දූෂණ රැසක මහ මොළකරු ලෙස සැක කරෙන ශ්‍රි ලංකා ජාතික ඔලිම්පික් සංගමයේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාට සැලකිය යුතු සහයෝගයක් දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකු වන ගෝබිනාත් සිවරාජා අත්අඩංගුවට ගැනීම අපරාධ රැසක් පිළිබඳ සැඟවුන තොරතුරු හෙළී දරව් වීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.

ගෝබිනාත් රඳවා තබා ගැනීමත් සමඟ, වසර ගණනාවක් නිදහස භුක්ති විඳි තවත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් කිහිප දෙනෙකුට සිය “ඉන්වටවල් “එක නැතිවන බව ද වාර්තා වේ.

දූෂණ, වංචා, ජාවාරම් සහ මිනිස් ජාවාරම් සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් දැනට විමර්ශනය කෙරෙන නඩු කිහිපයක නම් කර ඇති අනෙකුත් සැකකරුවන් වන්නේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ, මාලිංග ප්‍රනාන්දු, දිනේෂ් ක්‍රිෂාන්ත, සහ සුරංජිත් ප්‍රේමදාස යන අයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොහෝ පරීක්ෂණ අවසන් වෙමින් පවතින බව දැනගන්නට ඇත.

මීට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති (මූල්‍ය)  ලලිත් විතාන සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) දම්පත් ප්‍රනාන්දු ඉල්ලා අස්වී ජාතික ඔලිම්ක් කමිටුවේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ ඔවුන්ද මෙම සඳහන් කළ සැකකාර නිලධාරීන් සමඟ නම් කිරීමෙන් පසුවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරි හරක් මරන දළ ඇතා… ඊයේත් ලක්ෂ 07ක් වටිනා කිරි ගවයෙක් මරලා…

Next Post

කුලියාපිටිය තරුණයා ඝාතන සැකකරුවන් 10 දෙනා යළිත් රිමාන්ඩ්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.